02 | The paper ball

2K 292 10
                                    


ජන්කුක් සහ ටේහියුන් එදා සිට ගොඩක් හොද යාළුවො වුනා. එයාලා හම්බුන හැම තප්පරේම කතා කලා, එයාලාගේ කැමති දේවල් හීන අනං මනං කතා කලා ඒත් ඒ දෙන්න කතා කරන එක එපා වෙලා කේන්ති ගිහින් හිටියේ Mr. චෝයීට, මේ දෙන්නගේ කච කචේ නිසා Mr.චෝයීට නිදහසේ ඉගැන්වීම් කටයුතුවලට බාධා වුනා. Mr. චෝයී කීප සැරයක්ම නිශ්ෂබ්ද වන්න කියලා කෑගැහුවාට, ඒත් ටේකූක් ඩබල නෙමී කච කචේ නැවැත්වුවේ. මොකද ඒ දෙන්නා නිකන් කාන්දම් වගේ.

ජන්කුක් ටේහියුන් එක්ක ගත කරන කාලේ රත්තරං වගේ වුනා. එයාට ඒකෙන් vibe එකක් වගේම හිත කොනකින් පුංචි කැමැත්තක් තිබ්බා. ටේහියුන් හිතුවට වඩා ගොඩක් fun වගේම ආශ්‍රය කරන්න කරන්න ආස හිතෙනවා.

"Beerbongs & Bentleys කියලා අලුත් album එකක් release කරලා ඊයේ..." ටේහියුන් ජන්කුක්ගේ පැත්තට ටිකක් බර වෙලා හොර රහසින් කිව්වේ එයාගේ ඇස් Mr. චෝයී බෝඩ් එකේ ලියන සූත්‍ර දිහා බලාගෙන.

ජන්කුක් ලිය ලිය හිටපු එක නතර කරලා නෝට් බුක් එකෙන් ටේහියුන් දිහා ඇස් පුදුම කරන් බැලුවා. "ඇත්තටමද??"

"හ්ම්....ඔයා ඒක අහන්නම ඕනා.. මගේ කැමතිම සිංදුව cand-"

"ජියොන්!!, කිම්!!!"

ටේකූක් ඩබලගෙම ඔලු දෙක ඉස්සරහට සැනෙකින් හැරුනේ Mr. චෝයීගේ සද්දෙට. ඔහු අත් දෙක ඉස්සරහින් බැදගෙන දවා අලු වෙන බැල්මක් දැම්මේ එයාට මේ දෙන්නාගේ non-stop කච කචේ නිසා.

"ආයේ....එක...සැරයක්.." Mr. චෝයීට කියන්න ඕනා වුනේ එච්චරයි ජන්කුක් සහා ටේ බිම බලාගෙන 'සොරි' කියලා කෙඳිරුවා.

Mr. චෝයී ඔහුගේ කණ්ණාඩිය හදාගත්තේ සුසුමක් පිට කරන ගමන්. " ඔයාලා ඕක හැමදාම සොරි කියනවා ඒත් ඒ දේ ආයේ කරනවා.....ඔය කච කච ටික lunch පීරීයඩ් එකට ඉතුරු කරගන්න...ආයේ මට ඔය දෙන්නාගේ හඩක් හරි ඇහුනොත් මම තැන් මාරු කරනවා..තේරූනාද??."

ටේකූක් ඩබල ඔව් කියලා ඔලුව වැනුවා.

"හොදයි..." Mr. චෝයී කිව්වේ ආයේ බෝඩ් එක පැත්තට හැරුනෙ පාඩම පැහැදිලි කරන ගමන්.

දෙන්නම නිශ්ෂබ්දව නෝට් ටික ලියන්න ගත්තා. ඒත් ජන්කුක්ට ඒක වදයක් වුනා, පොත පුරාම නිල් පෑනකින් ලියනකොට එයාගේ දණහිස උඩට පහලට හොලවන්න ගත්තේ ඉවසීමක් නැහැ වගේ.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now