31| If It All Goes Wrong...

815 179 45
                                    

හාදූව එන්න එන්නම රළු වෙන්න ගද්දි ජන්කුක් එකපාරට ටේහියුන්ගේ තොල්වලින් අයින් වුනේ පැත්තක ඉදන් ඇහුන සද්දේ නිසා.

කැහ්... කැහ්...

"ඔම්මා... සම්චොන්....." රතු වෙච්ච කම්මුල් එක්ක ජන්කුක් තමන්ගේ අම්මා වගේම ඇය සමඟ හිටි නීල මකරෙකුගේ මෙන් ඇස් ඇති හැඩි දැඩි blonde තරුණයා දිහාත්, red head දිහාත් බැලුවේ ටේහියුන් එකපාරට ජන්කුක්ගේ පිටිපස්සේ හැංගෙන ගමන්.

"ඇති යන්නතං කිචන් එක හැටි කරලා නෑ..." Mrs. Jeon කිව්වම red head තරුණයා අතින් කටවහගත්තේ ඔහුගේ තොල්වල ඇදෙන හිනාව නවත්තගන්න.

"ම්-මම ගියා නම් හරි...අහ්.." ටේහියුන් තමන්ගේ hoodie එක හදාගන්න ගමන් කිව්වා. 

"ආ...ඔව්..ගොඩක් රෑ වෙලානේ...එන්න මම ගෙදර ගිහින් දාන්නම්..." ජන්කුක් බෙල්ල පිටිපස්ස කසන ගමන් කිව්වේ ටේහියුන්ට යන්න එන්න ඉගි කරන ගමන්.

"ටේහියුන්...dear dinner එකට ඉදලම යන්නකෝ...." Mrs. Jeon කිව්වේ ජන්කුක් ටේහියුන්ව ඇදගෙන යන්න හදනවත් එක්කමයි.

"ඔව්...ඉදලා යන්න... අපි හිටියා කියලා අවුලක් නැහැනේ..." blonde තරුණයා කිව්වේ කම්මුල් වල හැදෙන පුංචි හිනාවක් එක්ක.

"අහ්...මේ..." ටේහියුන් ගොතගහන ගමන් ජන්කුක් ඇස් දිහා බැලුවේ මොනාද කියන්නේ කියලා ඉඟි කරන ගමන්. ජන්කුක් මෘදු හිනාවකුත් එක්ක ඔලුව වැනුවේ කමක් නෑ කියන ගමන්.

"මම නම්ජුන් කිම්... ජන්කුක්ගේ සම්චොන්.." blonde තරුණයා කිව්වේ ටේහියුන් දිහාවට අත දික් කරන ගමන්. ටේහියුන් හිමීට ඒ අත ගත්තේ හිනාවක් සංග්‍රහ කරන ගමන්. "මේ ඉන්නේ මගේ හස්බන්ඩ් ජින්" නම්ජුන් ඔහු ලඟින් හිටි red headව පෙන්වන ගමන් කිව්වාම ටේහියුන්ගේ ඇස් ලොකු වුනා.

"මම ගිහින් dinner ලෑස්ති කරන්නම්..." Mrs. Jeon කිව්වේ අතේ තිබ්බ බෑග් ටිකත් අරගෙන යන ගමන්.

"ඉන්න මාත් එන්නම්..." ජින් කියාගෙන කිචන් එකට ගියා.

🌧

Dinner table එකේ ජන්කුක් එක්ක ඉදගත්ත ටේහියුන් තමන්ගේ අත් දිහාම බලාගෙන හිටියා. හැමෝම කෑම නිහඬව කන්න ගත්තා.

"ඉතින් ටේහියුන්...." නම්ජුන් ඒ නිහඬත්වය කැඩුවේ ප්‍රශ්නයක් අහන්න ලෑස්ති වෙන ගමන්. "ඔයාලා දැන් කොච්චර කාලයක් තිස්සෙද එකට ඉන්නේ??"

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now