05| without you

1.2K 247 8
                                    

කවදාවත් නැතුව පරක්කු වෙලා නැගිට්ට ජන්කුක් කම්මැලිකමෙන් ඉස්කෝලෙට ගියේ ටේහියුන් ඇවිල්ලද නැද්දැයි හිත හිත, වෙනදා ටේහියුන්ගේ හිනාව දැක්ක ගමන් හිත පිරිලා යනවා වෙනුවට අද ජන්කුක්ගේ හිත දුකක් දැනෙන්න ගත්තා, මොකද ටේහියුන් අද දවසට එයා දිහා බැලුවේ වත් නැහැ, කම්මුල්ට අත තියාගෙන බෝඩ් එක දිහා කලකිරිලා වගේ බලන් හිටියා, මේක තවත් ජන්කුක්ගේ හිතට වද දුන්නා, ටේහියුන් දිග සුසුම් පිට කරන විදිහ බලන් ඉන්න බැරි කමට ජන්කුක් කොලේක ලියලා ටේහියුන්ගෙ පැත්තට විසි කලා.

ඇයි දුකින් වගේ? ඇයි ඊයේ ආවේ නැත්තේ???? මොකක් හරි ප්‍රශ්නයක්ද??

හ්ම්....ඊයේ මගේ මල්ලිට උණ තිබ්බ නිසා මට බලාගන්න වුනා ඒකත් ඉතින් රණ්ඩුවකින් පස්සේ, අම්මයි තාත්තයි දෙන්නම වැඩ නිසා ලමයි බලුගන්න වෙලාව නැහැ කිය කිය හිටියා...ඒකට මට කේන්ති ගිය නිසා මම එයාලාට බනින්න ගත්තා...එක වෙලාවකට මේ හැමදේම එපා වෙනවා...

ඔහ්...I'm sorry..ඔයාට ඒ වගේ දේකට මුහුණ දෙන්න වුනාට...ඒක අසාධාරණයි...

තෑන්ක්ස් කුකී...ඒත් ඉතින් මොනා කරන්නද...life's unfair, ඉවසන් ඉන්න වෙනවා...

ඔයා හරි...ඒ දේවල් ගැන හිත හිත මානසිකව වැටෙනවට වඩා හොදයි positively ඒ දේවල් වලට මුහුණ දීලා ඉන්න එක...

හ්ම්...ඒකත් ඇත්ත..මෙහෙම දුකින් හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නේ නැහැනේ..සොරී කුකී..මම උදෙන්ම ඔයාව මගෑරියට..

ආෂ්...ඒක මොකක්ද...මම වද වුනා ඇයි ඔයා ඊයේ ආවේ නැත්තේ කියලා....skool is soo boring without you :(

Aww....you missed me.... මොනා වුනත් Mr. චෝයීටනම් හැපි ඇති...නේත..හිහි...

අනේ නෑ...මම හිතන්නේ එයාටත් දුක හිතුනා මගේ කලකිරුණු මූණ දැකලා...

Aww....that's soo sweet...

ටේහියුන්ගේ හිනාව දැක්ක ජන්කුක් හිතින් සතුටු වුනේ ඝන අඳුරේ දුකින් හිටපු මූණට හිනාවක් ආපූ එකට.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now