19| Sleeping Half Naked

1.1K 205 25
                                    

ජන්කුක් එක්ක පහලට ආපූ ටේහියුන් ජන්කුක්ගේ අම්මව දැක්ක ගමන් පුදුම වුනේ එකපාරටම වුන දේ නිසා.

"ආනේ...... බලන්නකො මෙයාගේ ලස්සන...." ටේහියුන් කටඋත්තර නැතිවෙන්න ජන්කුක්ගේ අම්මා එකපාරටම ටේහියුන්ව බදාගත්ත නිසා. 

ජන්කුක් අතින් කට වහගෙන පැත්තකට වෙලා හිනා වෙවී හිටියේ ඇස් දෙකත් ලොකු කරන් තාම මොනාද වෙන්නේ කියලා තේරූම් ගන්න බැරි ටේහියුන් දිහා බලාගෙන. ටේහියුන්ගෙන් ඈත් වුන ජන්කුක්ගේ අම්මා ලොකු හිනාවකුත් එක්ක ටේහියුන්ගේ කම්මුල් අතගෑවා.

"ඔයා හෙන ෂෝයී...අනේ...අපේ ජන්කුකී කොහෙන් හොයාගත්තද දන්නේ නෑ..." Mrs. Jeon එහෙම කිව්වම රතු crimson dust එකක් ටේහියුන්ගේ කම්මුල් පුරා ගියා.

"ටේහියුන්....මම ටේටේ කියන්නං නේද..." Mrs. Jeon කිව්වම ටේහියුන් බොක්ස් ස්මයිල් එක දාලා හිනා වුනා. "ඔයා දන්නවානම් අපේ ජන්කුකී හැමදාම ටේටේ කියන ලහ්හන කොල්ලා ගැන කියන කතා...මමත් බලාගෙන හිටියේ කවදහරි ඔයාව හම්බෙන්න...😉"

"අම්මා...දැන් කෑවා නම් හරි නේද...😗" කොන් වූවන්ගේ සංගමයේ හිටපු ජන්කුක් කිව්වේ මේ දෙන්නාගේ නාඩගම දිහාත් ආපිට bam දිහාත් බලන ගමන්. ටේහියුන් ආපිට ඇස් රෝල් කලේ Mrs. Jeon දිහා බලන ගමන්.

"ආ...ඔව් නේද...එන්න.." Mrs. Jeon කියාගෙන ඉස්සර වුනේ කිචන් එකට යන්න, ටේහියුනුත් පස්සෙන් යන ගමන්ම ජන්කුක් ඇවිත් ටේහියුන්ගේ පස්සට ගැහුවා. 

"ආව්..." සද්දේ අඩු කරලා ටේහියුන් කෙදිරුවේ ජන්කුක් දිහා ඔරවන ගමන්.  

"ආයේ එකසැරයක් හරි මට ඇස් රෝල් කලොත්නේ..." ජන්කුක් ටේහියුන්ගේ කනට කරලා කිව්වා. ටේහියුන් ගස්සගෙන කිචන් එකට ගියේ ජන්කුක් තමන්ටම හිනාවෙන ගමන්. රෑ කෑමෙන් පස්සේ හැමදේම අස් කරලා ජන්කුක් ටේහියුන් එක්ක නිදා ගන්න උඩට යද්දිම නතර වුනේ Mrs. Jeon අහපු ප්‍රශ්නෙට.

"කුකී...ටේහියුන් නිදා ගන්නේ කොහෙද??" ටේහියුන් කලබලෙන් වගේ ජන්කුක් දිහා බැලුවේ එයා කොහොම උත්තර දෙයිද කියලා. 

"මගේ ඇදේ ඉඩ තියෙනවානේ අම්මේ... එයා මාත් එක්ක නිදාගන්නේ..." ජන්කුක් casual විදිහට කිව්වා, ටේහියුන් එකපාරට Mrs. Jeon දිහා ඇස් කොනින් බැලුවා මොන විදිහට බාරගනීද කියලා. ඒත් එයා පුංචි හිනාවක් දාලා good night කියලා කාමරේට ගියා. 

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now