32| Darling... Just Hold On

919 181 59
                                    

"ටේහියුන්??" අඳුරේ ඉදලා එලිය යටට ආව ටේහියුන්ව දැක්ක Mrs. Jeon තම තොල් අතරට ගත්ත කෝප්පය නැවත කවුන්ටර් එක මත තිබ්බේ ජින් වගේම නම්ජුන් ටේහියුන් දිහාවට හැරෙන ගමන්.

"ඇයි පැටියො...නින්ද යන්නේ නැද්ද??" ජින් ඇහුවේ ටේහියුන්ගේ නොසන්සුන් කම අඳුනගත්ත නිසා.

තවමත් නම්ජුන්ගේ ඇස් දිහා වියරුවෙන් බලාගෙන හිටිය ටේහියුන්ගේ ඇස්වලට කඳුළු පිරෙන්න විනාඩියක්වත් ගියේ නෑ...

"ටේහියුන්??" Mrs. Jeon වගේම ජින් ඔවුනගේ පුටුවලින් බැස්සේ ටේහියුන්ගේ ඇස් වල පිරුණු කඳුළු දැකීමෙන්. "ඔයා හොදින්ද??"

"ඔ-ඔයාලා...." ටේහියුන් බිඳුණු හඩින් කතා කරන්න ගත්තත් හරි ගියේ නෑ. තප්පරයක්වත් hesitate කරන්නේ නැතුව ටේහියුන් ජින්ව වැලඳගත්තේ ජින් ඇස් දෙකත් ලොකු කරන් නම්ජුන් දිහා බලද්දි. මෘදු හිනාවක් එක්ක ඔලුව හිමීට නවපු නම්ජුන් ටේහියුන්ගේ ඔලුව හිමීට පිරිමැද්දා. ජින්, නම්ජුන් වගේම Mrs. Jeon හිනාවල් හුවමාරු කලේ අන්තිමේදී ටේහියුන්ට ඒ දෙන්නාව මතකතිබ්බ නිසා.

"ජි-ජිසුන්ග්ට ඇත්තටම මොකක්ද වුනේ..." ටේහියුන් ජින්ගෙන් ඈත් වෙලා ඇස්වල තියෙන කඳුළු පීදන ගමන් ඇහුවා. ඒත් එක්කම වැඩිහිටියෝ තුන් දෙනාගේ මූණවල් වල තිබ්බ හිනාව මැකිලා ගියේ ගුප්ත අඳුරකින් වැහිලා යද්දි.

"ටේහියුන්... අපේ ජිසුන්ග් ඇත්තටම..."

🌧

ටේහියුන්තමන්ගේ අල්ලෙන් කම්මුල් දෙපැත්තේ පාර හිටපු කඳුළු පීදන ගමන් ජන්කුක්ගේ කාමරේ දොර ඇරියේ ජන්කුක් නිදි ඇති කියන සිතුවිල්ලෙන්, ඒත් brunetteට වැරදුනා. ජන්කුක් ඇද කොනේ ටේහියුන් දිහා අහිංසක මෘදු හිනාවකුත් එක්ක බලාගෙන හිටියා. ටේහියුන්ගේ vulnerable state එක අදුනගත්ත ජන්කුක් ටේහියුන් දිහාවට අත් දික් කලේ තමන්ගේ අත් අතරට එන්න කියන ගමන්. තප්පරයක් වත් හිතන්නේ නැතුව ටේහියුන් ජන්කුක්ගේ අත් අතරට ගියේ ravenගේ බෙල්ලේ මූණ හංගගෙන අඬන ගමන්. ජන්කුක් හිමීට ටේහියුන්ගේ පිට පිරිමැද්දේ brunetteට මෘදු විදිහට කතා කරන ගමන්.

"It's ok baby..." ජන්කුක් ටේහියුන්ගේ කන්පෙති වලට මිමිණුවේ ටේහියුන්ගේ ඉකි හඬ අඩු වෙනවත් එක්ක. Brunetteගේ කම්මුල් වලින් අල්ලගත්ත ජන්කුක් ටේහියුන්ගේ හිස් මුදුනට හාදූවක් තිබ්බේ ටේහියුන්ගේ hazel ඇස් දිහා බලන ගමන්. මද අඳුරෙදි වුනත් ටේහියුන්ගේ ඇස් දිලිසුණා, කඳුළු මුතු කැට වගේ වැටුනත් ජන්කුක් හිමීට ඒ කඳුළු ඇඟිලි තුඩුවලින් මකලා දැම්මා, ටේහියුන්ගේ රතු වුනු ඇස් මත හාදූවක් තිබ්බ ජන්කුක් හිමීට soft විදිහට ටේහියුන්ට කතා කලා.

Wet Dreamz (Sinhala) ✔حيث تعيش القصص. اكتشف الآن