25| Summer Camp Gone Wrongᵖᵃʳᵗ ᵗʰʳᵉᵉ

860 199 40
                                    


"ටේහියුන්!!!! මැණික!!!! කෝ ඔයා!!!"

ඒ හඬ...

"ටේහියුන්!!"

ඒ ජන්කුක් නෙමී... නෑ...

"ටේහියුන්!!"

ටේහියුන්ට ජන්කුක්ගේ හඬ විතරක් නෙමී, එක එක හඬවල් වලින් එයාගේ නම කියනවා ඇහුනා.

"ටේහියුන්!!"

'නෑ...නෑ...නෑ.... මේ ඔක්කොම බෝගම්ගේ උගුලක්....' ටේහියුන් තමන්ගේ කන් දෙක වහගත්තේ ඇහෙන කටහඬවල් හැමදේම ignore කරන්න. වැහි බිංදු වලට එකතු වුන කඳුළුත් එක්ක ටේහියුන් උඩ බැලුවම ටෝච් වල එළි කැරකෙන විදිහ දැක්කේ.

"ටේ.... ටේහියුන්..."

එක කටහඬක් ටේහියුන්ගේ අවධානේ ගත්තා, ඒත් ඒ හඬ විශ්වාස කරන්න පුළුවන්ද කියන දේ විතරක් ටේහියුන්ට ප්‍රශ්නයක් වුනා.

"ටේහියුන්!!" ඒ හඬ එන්න එන්න ලං වුනත් එක්ක ටේහියුන් හිමීට කන්වල තිබ්බ අත් දෙක අයින් කරලා උඩ බැලුවා, එක ටෝච් එළියක් හැමතැනම විහිදිලා තියෙනවා.

"ටේහියුන්.... ඔයා කොහෙද..."

ඒ ඡායාව පැහැදිලි වුනත් එක්ක ටේහියුන්ගේ හිතට සැනසීමක් දැනුනා;

"ජන්කුක්...." තමන්ගේ හඬ මෙච්චරටම hoarse කියලා ටේහියුන්ට හිතුනේ නැති වුනත් ටේහියුන් ආයේත් ජන්කුක්ගේ නම කිව්වා.

"ටේ??" ටෝච් එලිය තමන්ගේ මූණට වැදෙන නිසා අතින් මූණ ආවරණය කරගත්ත ටේහියුන් නැගිටින්න හදද්දිම කකුලෙන් ආපූ වේදනාවට එතනම ඉදගත්තා. ජන්කුක් විතරක් නෙමී ඉන්නේ කියලා ටේහියුන් අඳුනගත්තේ තව ලමයි වගයක් ජන්කුක්ගේ වටේ ටෝච් ගහන්න ගත්ත නිසා.

"ටේ..."

"ජන්කුක්...."

"ඔයා ඔතනම ඉන්න... මම වටෙන් එන්නම්..." ජන්කුක් කිව්වේ ටේහියුන් වැටිලා හිටපු පස් කන්ද පහලට යන විදිහක් ටෝච් එක ගගහා බලන ගමන්, වාසනාවට ගස්වල උදව්වෙන් පරිස්සමට පහලට ජන්කුක් ආවේ ටේහියුන් ගාවට දුවන ගමන්.

ජන්කුක්ව දැක්ක සතුටටම ටේහියුන් ඉකියකුත් එක්ක අඬන්න ගත්තේ ජන්කුක්ගේ කර වටේ අත් ඔතාගන්න ගමන්.

"හේ.... it's alright... මම ඉන්නවානේ..." brunetteගේ සීතලට වෙව්ලන පුංචි ශරීරය පපු තුරලට ලං කරගත්තා.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now