34| Homecoming Prom

760 173 10
                                    

"Okayyy...breath... ටේහියුන් ඔයාට මේක කරන්න පුළුවන්...just calm down..."

ටේහියුන් ලොකු හුස්මක් අරගෙන පිට කරේ තමන් relax වෙන ගමන්. කණ්ණාඩිය ඉස්සරහ පැයක් තිස්සේ ටේහියුන් තමන්ගේ outift එක බල බල හිටියේ ලොකු nerve එකකින්.

Lip balm ටිකක් තොල්වල ගාපූ ටේහියුන් තමන්ගේ ඇස් පිහාටු මත සෙල්ලම් කරන කෙස් රොද ටික ඇඟිලි තුඩින් හැදුවා. තනි pearl කරාඹුවක් එක කනකට දාගෙන හැඩ බල බල හිටපු ටේහියුන් තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන යටිතොල හපාගත්තේ ජන්කුක්ගේ taste එක ගැන හිතන ගමන්.

සතියකට කලින් දීපූ අමුතු පෙට්ටිය ගෙදරට ගෙනත් ඇරපු ටේහියුන් පුදුම වුනා. තද නිල් පාට tuxedo එකක්.

ටේහියුන් හිතුවේ ජන්කුක් prom එකට යන්න අහයි කියලා ඒත් එහෙම වුනේ නැති එකට දුක් වුනේ නෑ කිව්වොත් බොරු. තවත් අතකින් අහපු නැති එකත් හොදයි කියලා හිතුනා. ටේහියුන්ගේ ඩෑඩ්ව ස්කූල් එකේ ගොඩක් අය දන්න නිසා ප්‍රශ්නයක් වෙයිද කියලා පොඩි බයක් තිබුනා.

🌧

"ඔකේ....ටේහියුන් අද රෑ හැමදේම හොදින් වෙයි" ටේහියුන් තමන්ට මුමුණන ගමන් eye curler එකෙන් තමන්ගේ ඇස් පිහාටූ curl කලේ, වැඩි වැඩ නැතුව පුංචි makeup පාරක් දාන ගමන්. අතේ හිස්බව නැති කරන්න මුදු කීපයක් දාගත්ත ටේහියුන් අන්තිම පාරට කණ්ණාඩිය දිහා බලලා හැරුනේ බිත්ති ඔරලෝසූව දිහා බලන ගමන්.

6.45

'දැන් එනවා කිව්වානේ?' ටේහියුන් හිතනවත් එක්ක එලියෙන් ඇහුන හෝන් සද්දෙට brunetteගේ තොල් වල හිනාවක් ඇදුනා. ෆෝන් එක අතට අරගෙන පඩිපෙළ බැහැගෙන ගියා. දොර ලොක් කරලා එලියට බැස්ස ටේහියුන් කාර් එකේ දොරට හේත්තු වෙලා ඉන්න කෙනාව දැක්කම බොක්ස් ස්මයිල් එකක් සංග්‍රහ කලා.

"ජිමිනී..."

Blonde කොණ්ඩේ පැත්තකට පීරලා හැඩ කරලා, loop රත්තරන් කරාඹු දෙකක් වගේම V cut සුදු ෂර්ට් එකක් යටට ඇදලා තිබ්බේ ඒකට ගැලපෙන කළු choker පටියක් බෙල්ල වටේට දාලා, හොට් රෙඩ් suit එකක් ඇදගෙන හිටපු ජිමින් ඇත්තටම සරාගී පාටක් තිබ්බේ.

"වාහ්..ටේහියුන්...ඔයා...අද Angel කෙනෙක් වගේ" ජිමින් කිව්වම ටේහියුන්ගේ කම්මුල් crimson පාටින් ටින්ට් වෙන්න තප්පරයක් වත් ගියේ නෑ.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now