15| As Long As It's You

1K 222 20
                                    

⚠️T//W ⚠️
strong language and bullying 

"හ්ම්ම්...." ටේහියුන් කෙදිරිල්ලකුත් එක්ක නින්දෙන් ඇහැරුනේ පුංචියට ඇහෙන සද්ද බද්ද නිසා. නිදන ඉරියව්වෙන්ම අනිත් පැත්තට හැරුන ටේහියුන්ට දැකගන්න පුළුවන් වුනේ ඇද කොනේ බිම ඉදන් පොතක් දිහා බලන් ඉන්න ජන්කුක්ව, හවස් යාමේ බැහැගෙන යන ඉර එලිය ජනේලෙන් ලාවට කාමරේට ගලාගෙන ඇවිත් තිබුනා;

"කු-කුකී...." ටේහියුන් ඈනුමකුත් එක්ක ඇස් කොන පිහ පිහ ජන්කුක් ලගට ලං වුනේ මොනාද බලන්නේ කියලා, 

"ඔහ්... මං ඔයාව ඇහැරුවද??" ජන්කුක් සිහින් හඩකින් ඇහුවේ ටේහියුන් ඇද කොනට ඇවිත් ඔලුව දිගා කරන් හිටපු නිසා, ටේහියුන් ගේ ඇස්වල තාම නිදි මත ගතියක් තිබ්බ බව ජන්කුක්ට තේරුනා, නළල මත කැරලි ගැසී තිබුන කෙස් ටික අයින් කරපු ජන්කුක් ටේහියුන්ගේ නහය මත හාදූවක් තැබුවේ ටේහියුන් ලාවට ඇස් අරිද්දි.

"මොනාද ඔයා කියවන්නේ..." 

"මට හෙට පොඩි test එකක් තියෙනවා....ඒකට පාඩම් කරන්නේ..."

"ඔයා හොදට කරයි.... කෝමත් ඔයා හැමදේකටම දක්ෂයිනේ..." ටේහියුන් කිව්වා.

"ඔහ්...හෝ...මම වැඩ්ඩානේ..."

"හ්ම්ම්....කීයටද ඉවර වෙන්නේ..." තාමත් ඇස් අඩවන් කරන් ඉන්න ටේහියුන් නිදි මතින් ඇහුවා. ටේහියුන්ගේ හුරතල් කමට ලාවට හිනා වුන ජන්කුක්;

"4:30 වෙද්දි ඉවර වෙයි......" ජන්කුක් හිමීට ටේහියුන්ගේ නිරුවත් ඇඟට ඩුවට් එක පෙරෙව්වා. "ඔයා තව ටිකක් නිදා ගන්න... මහන්සි පාටයි..." 

"ම්ම්ම්හ්හුම්..." ටේහියුන් කටත් උල් කරගෙන ජන්කුක්ගේ බෙල්ල වටේ අත් දෙක ඔතාගත්තා. "මට උම්මා එකක් ඕනා..." ටේහියුන් අහිංසක ඇස් වලින් ඉල්ලීමක් කරද්දි ජන්කුක්ට කෝමටවත්ම බෑ කියන්න බැරි වුනා. හිමීට ටේහියුන්ගේ තොල්වලින් අල්ලගත්ත ජන්කුක් සියුම් ලෙස හාදූව අරගෙන ගියා, ටේහියුන් ටිකක් ඔලුව ඇල කලේ හාදූව තවත් ගැඹුරු කරන ගමන්. හාදූව එන්න එන්න රළු වෙනවා කියලා තේරූන ජන්කුක් ටේහියුන්ගෙන් ඈත් වුනේ ටේහියුන් තොල් දෙකත් උල් කරන් මොකක්ද වුනේ කියලා බලන් ඉද්දි.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now