chapter 01

1.7K 158 10
                                    

සෝල් නගරයේ පිහිටි විශාලම ගොඩනැගිලි සංකීර්නය වුනේ Jkin enterprises සමාගමයි..Jkin enterprises සමාගම කොරියාව තුල වගේම මුළු අාසියාව තුලම හොද කීර්තිනාමයක් දිනාගත් සමාගමක් වුනා...කොරියාව තුල මෙන් ම world business ranking වල top 10 අතර තිබ්බ හොදම සමාගමක් ලෙස මේ Jkin enterprises සමාගම හදුන්වා දිය හැකිය.

අද උදේ ඉදලා Jkin enterprises සමාගමේ වැඩකරන සේවකයන්ට නම් පොඩ්ඩක්වත් නිදහසක් තිබ්බේ නැහැ..හැමෝම කඩියෝ වගේ වැඩ...ඒකට විශේෂ හේතුවක් තිබ්බා...ඒ හේතුව තමා අද Jkin enterprises වල owner එහෙම නැත්නම් වර්තමාන ceo company එකට එනවා....

ඔයාලා හිතනවා අැතිනේ ceo company එකේ ඉන්නේ නැතුව වෙන කොහේ යන්න ද කියලා...අැත්තටම මම මුලින් කිව්වා වගේ Jkin enterprises කියන්නේ ලොව පුරා ව්‍යාප්ත වෙලා තිබ්බ සමාගමක්...මේ නිසා ඒ හැම දේ පිලිබදවම හොයලා බලන්න වගේම විශේෂ business meetings වලට සහබාගි වෙන්න තියෙන නිසා වර්තමාන ceo බොහෝ වෙලාවට company හිටියේ නැහැ...එයා හිටියේ නැහැ කියලා company එකේ වැඩ මග නතර වෙලා තිබ්බේ නැහැ...
(Back to story)

මෙච්චර වෙලා කඩි ගුල අැවිස්සිලා වගේ එහෙ මෙහෙ දුවපු සේවකයෝ හැමොම සුළු මොහොතක් අැතුලත හිටිය තැනක්වත් හොයාගන්න බැරි වුනා...ඒත් එක්කම වගේ company ප්‍රධාන දොරටුවෙන් අාරක්ෂකයන් රැසක් සමග ප්‍රියමනාව පෙනුමක් තිබෙන මැදි වයස ඉක්මවා ගිය පුද්ගලයෙක් අැතුළු වුනා...ඔහු ඉක්මන් ගමනින් elevator ලගට පැමිනියත් ඔහුට ඉදිරියට මුනගැහෙන සෑම සේවකයෙකුටම සුහදශීලි සිනහවකින් සංග්‍රහ කිරීමට ඔහු අමතක කලේ නැහැ....

මේ පැමිනි පුද්ගලයා ඔහුගේ අාරක්ෂකයන් සමග elevator තුලට ගමන් කල අතර සෑම සේවකයෙක් ම ඔහුට බිය මුසු ගෞරවයක් දැක්වුවා...elevator මගින් ඉහලම තට්ටුවට පැමිනි මේ පුද්ගලයා තමන්ගේ cabin එක තුලට ගිය අතර ඔහු පසුපසින් පැමිනි ඔහුගේ අාරක්ෂකයන් cabin එක ඉදිරියේ නතර වුනි...

"I'm really sorry..mr.choi.. අැත්තට ම මම අද පාන්දර තමා USA වල ඉදලා අාවේ..."
Cabin එක තුලට අැතුලු වු මේ පුද්ගලයා එහි සිටි තවත් අයෙකුට එසේ පැවසුවා...

" It's ok Mr.kim... මම ඒත් හිතුවා ඔයා අද එන එකක් නැහැ කියලා.."
Mr.choi එසේ පවසන ගමන් mr.kim සමගම ඔවුන් ඉදිරියේ වු සෝපාවෙහි අසුන් ගත්තා..

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now