chapter 17

483 103 6
                                    

💛"අනේ කුකී ඔයා අාවද..මන් ඔයා නැතුව පාළුවෙන් හිටියේ.."

ටේත් සමග නිවස තුලට අාපු කුකීව මියා ගොඩක් අාදරෙන් පිලිගත්තා..කුකී නම් හිටියට වඩා ටිකක් වෙනස් වෙලා...අාපු මුල් දවස් වල වගේ කිසිම සද්දයක් නැහැ..බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ..ඒත් කුකීව මිස්ට සෑම් ලගට එක්ක ගෙන යද්දි කුකී මීට වඩා වෙනස්..එයා මියා එක්ක සාමාන්‍ය විදියට හැසිරුනා..මියා නම් හිතුවේ system එකේ ප්‍රශ්නයක් අාවා කිව්ව නිසා තමා කුකී මෙහෙම ඉන්නේ කියලා..ටේ ට නම් මේ ගැන වැඩිය ගානක් නැහැ...

🐯"කුකී ඔයා දැන් යන්න...මියා හෙට ඔම්මලා එනවා කිව්වා lunch එකට..ඔයාට පුළුවන් නේද කුකී එක්ක ඒ වැඩ ටික බලා ගන්න..leave එකක් ගන්න පුළුවන් වෙයිද.."

💛"අාහ් හරි ටේ..කොහොමත් මන් හෙට නිවාඩු.."

🐯"මන් ඔයාට මේ ගැන කියන්න call  කලා..එත් ඔයා phone එක answer  කලේ නැහැනේ..."

💛"හරි  හරි අනේ දැන් මන් හෙට ගෙදර ඉන්නවනේ..ඔයා ගිහින් wash එකක් දාගෙන එන්න  මන් dinner එක ලෑස්ති කරන්නම්"

කුකීත් ටේ යන්න කිව්ව නිසා එයාගේ රූම් එකට ගියත්   එයාට වෙනද වගේ ම මේ ගෙදර  අමුත්තක් දැනෙනවා..එයාට ඒ ගැන අවබෝධයක් නැති නිසාම තමා එයා මාස්ටර් ට ඒ ගැන කියන්න ඕන කියලා හිතා ගත්තේ...ඒ කිව්වා කියලත් කුකීට ලොකු  සහනයක් ලැබුනේ නැහැ..එයාට දැනෙන දේ කිව්වා කියලා මාස්ටර් ඒ ගැන ලොකුවට හිතුවෙත් නැහැ...ඒ නිසා ම කුකී අායෙමත් ඒ ගැන මාස්ටර්ට කියන්නේ නැහැ වගේ ම අයෙත් මාස්ටර්ව හම්බවෙන්න යන්නේ නැහැ කියලා හිතාගත්තා..ඒහෙම හිතන්න කුකීට හේතු වුනේ  මාස්ටර්ව හම්බවෙන්න ගියාම එයාව අමුතු කාමරයකට එක්කගෙන ගිහින් අැගෙට මොනවද සවි කරලා තිබ්බ නිසයි..ටේ කුකීව නැවත ගෙදර එක්කගෙන එන්න එනකන් සිදු වුන කිසිම දෙයක් කුකීට මතක නැහැ...ඒ කියන්න කුකීට මාස්ටර් එක්ක අමුතු කාමරයට අැතුලු වුනාට පස්සේ අමුතු මැෂින් එකකට සම්බන්ධ කලාට පසු මාස්ටර් ලග හිටපු දින ගාන ගැන කිසිම අදහසක්වත් මතකයක් වත් නැහැ..

Dinner එකෙන් පස්සේ මියා  කුකී එක්ක කතා කරන්න කුකීගේ රූම් එකට අාවේ එයාට කුකීව ගොඩක් මිස් වුන නිසයි..මියා එද්දි වෙනදා වගේ ම අැද උඩ වෙලා කුකී වඩිවෙලා ඉන්නවා..හැබැයි ඉතින් කුකීට මියා රූම් එකට එනවා නම් දැනුනේ නැහැ...ඒක නිසා කුකී නිකන් බලාගෙන හිටියා...මියත් කුකී ලගට අැවිත් කුකීගේ උරහිසට අත තිබ්බම  කුකී බය වෙලා වගේ මියා දිහා බැලුවා..මියාටත් තේරුණා කුකී බය වුනා කියලා...ඒත් මියාට කුකී රොබෝ කෙනෙක් නේද කියන එක නම් අමතක වෙලා තිබුනේ..

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now