chapter 18

483 102 2
                                    

ඒත්  කුකීට අැහුනේ නැහැ එයා රූම් එකේ මේ දේවල් බල බල ඉන්න කොට තව කෙනෙක් රූම් එකට අාවා කියලා....
---------------------------------------------------------
ටේ නැගිටින කොට වෙනදට වඩා ටිකක් පරක්කු වෙලයි තිබුනේ..ඉක්මනට කෑම රෙඩි කරන්න කියන්න මියාව නැගිට්ට වන්න බැලුවම තමා ටේ දැක්කේ එයා තමා අද පරක්කුම වෙලා නැගිටලා තියෙන්නේ කියලා...bathroom එකෙන් කිසිම වතුර වැටෙන සද්දයක් නැති නිසා ම මියා පහලට යන්න අැති කියලා හිතපු ටේ, ජීහෝප් ඩබලට කෝල් කරලා කිව්වේ lunch එකට ටේත් එක්ක ම ගෙදර එන්න ඕන නිසා හවසට කිසිම වැඩක් යොදා ගන්න එපා කියලයි..
ඊට පස්සේ ඉක්මනින් ම bathroom එක අැතුලට ගියේ දැනටමත් හුගත් පරක්කු වෙලා තියෙන නිසයි..
මෙන්න මේ වෙලාවේ තමා කුකී ටේව නැගිට්ට වන්න කියලා රූම් එකට අාවේ..ඒත් එයා එද්දි කිසිම කෙනෙක් රූම් එකේ හිටියේ නැහැනේ..ඒ වගේම එයාට bathroom එකෙන් වතුර වැටෙන සද්දෙ අැහුනත් ඒ ගැන බලන්න කුකීට ලොකු  උන්දුවක් නොතිබ්බේ කුකී රූම් එකේ ලස්සනට වශී වෙලා හිටපු නිසයි..කොහොම හරි ටේ wash  දාලා ඉවර වෙලා අායෙත් රූම් එකට එනකන් ම කුකී රූම් එකේ ලස්සන බල බල ඉන්නවා....ටේ කුකී රූම් එකේ ඉන්නවා කියලා දන්නේ නැහැනේ..ඒක නිසා කිසිම ගානක් නැතුව ටවල් එකත් ඉනෙන් අැදගෙන සිංදුවකුත් කියන ගමන්න ම තමා අායෙත් රූම් එකට අාවේ..
කුකීත් ටේ රූම් එකට අායෙත් එනවා දැනුනේ නැහැ..

එයා dressing table එක ලගට වෙලා එයාගේ මුනේ ලස්සන බල බල ඉන්නකොට dressing table එකේ කන්නාඩියෙන් තව කෙනෙක්ව පේන නිසාම කුකී එක පාරට ම ඒ පැත්ත හැරුනා...ටේ නම් තාම කුකීව දැක්කේ නැහැ..ඒයා closet එකට ඔළුව දමාගෙන අද අදින්න හොද අැදුමක් හොයනවා...

හැබැයි ඉතින් ටේව දැක්පු කුකීට නම් මොකද්දෝ වෙලා ගියා..කුකීට පිටුපාලා ඉනට වෙන්න ටවල් එකත් අැදගෙන ඉන්න ටේගේ අැගෙන් තවමත් වතුර බිංදු බේරෙමින් තිබුනා...කුකී මෙහෙම කෙනෙක්ව මීට කලින් දැකලා තිබුනේ ම නැහැ...

Kooki pov

අාහ්...අනේ මේ මොකද මේ...අැයි මට සර්ව  දැක්කම අමුතු දේවල් දැනෙන්නේ..මට මොනා ද මේ වෙන්න යන්නේ..සර්ව දැක්ක දවසේ ඉදලා සර්ව දකින හැමවෙලාවෙම මගේ අැග අැතුලෙන් අමුතු සද්දයක් එනවා..දැන් ඒක වැඩිවෙලා..හරියට අැගෙන් එලියට පනින්න වගේ...ඩග් ඩග් ගාලා ගැහෙනවා...මට බය මේ සද්දේ සර්ටත් අැහෙයිද කියලා...
මෙහෙම වෙන නිසාම තමා මන් මාස්ටර්ට මේ ගැන කිව්වේ..ඒත් ඉතින්‍ එයා මන් කියන දෙයක් අහන්නේ නැහැනේ....
අනේ මන් දැන් මොකද්ද කරන්නේ...මට මේ මොකද්ද දැනෙන්නේ...මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ...😢😢😢😢😢

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now