chapter 13

530 110 4
                                    

Mansion එකට පැමිනි පලමු දවසේ සිටම තමන්ට  කරන්න නියම වෙන හැම වැඩක්ම කුකී හොදින් කල අතර අනෙක් සේවකයන්ගෙන් කුකීට කරදරයක් වුනේ නැහැ...මොකද කුකී mansion එකට අාපු පලවෙනි දවසෙම සිදු වුන සිද්දියත් එක්කම හැම කෙනෙක්ම තම තමන්ට නියමිත රාජකාරි වලට   පමනක් අවදානය යොමු කලා...ඒ වගේම එදා සිදු වුන සිදුවීම අජුම්මා මිස්ට කිම් ට දැනුම දුන්න නිසා ඒ සේවිකාව mansion එකෙන් ඉවත් කරන්න වගේම අලුතෙන් වැඩට ගන්න හැම සේවක සේවිකාවක් ම දේගු mansion එකේ මාස 2ක ක පමන කාලයක් රැදවීමට මිස්ට කිම් තීරනය කලේ මිසිස් කිම්ගේ ද අනුමැතිය අැතුවයි..

කුකී mansion එකට අැවිත් දැනට සති 2කට වැඩි වෙන අතර ම මියාත් දැන් advertising company එකක job එකක් කරනවා..අජුම්මත් අායෙත් දේගු mansion එකට ගියේ අලුතෙන් එන සේවක සේවිකාවන් පුහුනු කිරීමටයි..කුකී ට අමතරව mansion එකෙහි තව සේවක සේවිකාවන් 10 දෙනෙක් පමන සිටින අතර ටේ වගේම මියාගේ වැඩ වලට උදව් කරන එක තමා කුකීට තිබුනු රාජකාරිය වුනේ...

ටේ ට මුල් සතියේ ටිකක් වැඩ අඩු වුනත් ඊට පස්සේ අායෙත් project එකේ වැඩ වැඩි වුන නිසා marry  කරපු මුල් කාලේ වගේ ම  උදේ ඉදන් මහ රෑ වෙනකන් ටේ ට  වැඩ කරන්න සිද්ද වුනා..ඒ වගේ ම ටේ කුකී ගැන හොයන්න ගත්ත වැඩෙත් එතන ම නතර වුනේ  මේ project එකේ වැඩ නිසයි...

මියා නම් මේ ටික කාලෙට කුකී එක්ක ගොඩක් close  වුනා..මොකද වැඩට ගිහින් අාවට පස්සේ කතා කරන්න කියලා ඉන්නේ කුකී විතරයිනේ..කුකී කතා කලේ නැති වුනත් මියා කියන දේවල් හැම එකක් ම අහගෙන ඉන්නවා..ඒ වගේ එක එක ප්‍රශ්නත් අහනවා..ඒක නිසා මියා වැඩ ඉවර වෙලා අාපු ගමන් මුළු දවසෙ ම වුන දේවල් හැම එකක්ම කුකීට කියනවා..කුකීට  ටේ එක්ක නම් වැඩිය කතා කරන්න ලැබෙන්නේ නැහැ..මොකද ඉතින් ceo  මහත්තයා ගෙදර එන්නේ මහ රෑ ත් පහු වෙලානේ...පලවෙනි දවසේ ටේ එනකන් හිටියා වුනත් ඊට පස්සේ එහෙම ඉන්න එපා කිව්ව නිසා ම කුකී හිටියේ නැහැ...මියාට නම් කුකී ව එයාගෙ ම මල්ලි කෙනෙක් වගේ වෙලා...එයාට කුකී කියන්නේ රොබෝ කෙනෙක් කියන එකත් සමහර වෙලාවට අමතකයි...කුකීව program කරලා තියෙන වයස ගත්ත ම  මියාට වඩා අවුරුදු 2ක් කුකී බාලයි..ඒ නිසාම වගේ ම කුකී ගේ පෙනුමෙනුත් අහිංසක හුරතල් පෙනුමක් තියෙන නිසා ම මියාට කුකීට තියෙන කැමැත්ත තවත් වැඩි වුනා...

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now