01.

3K 138 2
                                    

අයියෝ ජුකී මේ බලන්නකෝ නලල මැද්දෙම පිම්පල් එකක් දාලානෙ හෙට ෂූට් එකකුත් තියෙනවානෙ.

මං හිටියේ මගේ skin care night routine එක කරන ගමන්.
මෙච්චර දවසක් හොඳට තිබුණු මූනේ පිම්පල් එකක් දාලා. මොකක් හරි ෂූට් එකක් තියෙද්දි හැමදාම ඔහොම තමා..
මං පාර්ක් ජිමින්. ලොකු ෆෑන් බේස් එකක් තියෙන ගායකයෙක්.අපේ රටේ වගේම පිටරටත් මට ෆෑන්ස්ලා හිටියා.

" ජිමින් ඔච්චරට ඕක ගැන හිතන් නැතුව ඉන්න. ෂූට් එක හෙටනෙ තියෙන්නෙ. මේකප් ආර්ටිස් ඕකට බදාම දාලා දෙයි.. "

ඒ ජුකී. මගේ මැනේජර්. දුකට සැපට මට ළඟින් මනුස්සයෙක්ට කියලා ආශ්‍රය කරන්න පුලුවන් උනේ ජුකීව විතරයි..අපේ ආරක්ෂාව ගැන හිතලා තමයි මගේ කම්පැනියෙන් මේ වගේ දේවල් කරන්නෙ. මගේ විතරක් නෙවෙ මෙහෙ තියෙන හැම කම්පැනියම තිබුණු නීතී ගොඩක් තදයි. මොනව කරන්නද මොකුත් නැතිව හිටිය මට දැන් හැමදෙයක්ම තියෙන්නෙ කම්පැනිය නිසාම වෙනකොට.
මං ජුකීටත් රවලා ආයෙම routine එක කරන්න ගත්ත.

හෙට ෂූට් එකෙන් පස්සෙ මට අම්මාව බලල එන්න permission ගන්න පුළුවන් වෙයි නේද??

" ඔව්.. බොස් කිව්වා ජිමින්ට දවස් දෙකක නිවාඩුවක් දෙන්න පුළුවන් කියලා. "

දවස් දෙකයිද??

" ඔව් ජිමින්.. හැබැයි හෙට රෑ වෙලා තමා ගෙදර යන්න වෙන්නෙ. මොකද ෂූට් එක ඉවර වෙලා advertisement එකක් ගැන පොඩි meeting එකක් තියෙනවා. "

ඒකට ඔයා ගියාම ඇතිනෙ..

" ඒක නිකන්ම එකක් නෙවෙ ජිමිනා.. ඩේවිඩ් ඇමැතිතුමාගෙ restaurant එක ගැන. ඉතින් ඇමතිට ඔයාවයි ඔයාගේ advertisement partner උන යුන්ගියි දෙන්නවම මුන ගැහිලා කතා කරන්න ඕනෙලු."

යුන්ගී... ඒ මනුස්සයා එක්ක කොහොමද වැඩක් කරන්නෙ ඒ මූනේ හිනාවක්වත් නෑනෙ..

" ඒ මනුස්සයාගෙ හිනාව හොය හොය අපට වැඩ කරන්න බෑ ජිමින්.. හෙට හම්බ උනාම හිනා වෙලා බලන්නකො.. "

මින් යුන්ගී. එයත් අපේ රටේම උන්න ප්‍රසිද්ධ ගායකයෙක්. මං වගේ නෙවෙ රැප් ගායකයෙක්. ඒ මූනේ හිනාවක් හොයා ගන්නව කියන එක හරිම අමාරු දෙයක්. හෙට ඒ බකමූනා එක්ක කොහොම වැඩ කරන්නද මං දැන් නෑ..

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now