හැමදේම හොඳින් සිද්ද උනා.. ජුකීට පුළුවන් උනා බොස් ළඟ තිබුනු වීඩියෝ එක අයින් කරල දාන්න.. ඒ වගේම ඊට දවස් දෙකකට පස්සේ අපි දෙන්නම අපේ ඒජන්සි වලින් අයින් උනා.. මුලින් බොස්ල දෙන්නම ඒකට ලොකු විරුද්ධත්වයක් පෙන්නුවත් ඉල්ලන ගානක් දෙන්න කැමති උනු නිසා අපිට ඒජන්සි වලින් අයින් වෙන්න පුළුවන් උනා... යුන්ගී ළඟ වගේම මගේ ළඟත් ඉතිරි කරපු හැම සල්ලියක්ම ඒකට වියදම් උනා.. ඒකට කමක් නෑ.. අපිට සල්ලි ආයෙම හොයන්න පුළුවන්.. ඒජන්සි වලින් අයින් උනාට පස්සෙ අපිට ලැබුණු මානසික නිදහස දිරන සල්ලි වලට වඩා ගොඩක් වටිනවා... ජුකීත් සෝහත් දැන් අපේ මැනේජර්ස්ල නෙවේ.. අපි ගත්ත තීරණේට ෆෑන්ස්ලා වගේම ඒ දෙන්නත් ගොඩක් කැමති උනා... ඒ දෙන්න ඊළඟට කාගේ මැනේජර් උනත් අපේ යාලුකම් හැමදාමත් අපි ළඟ තියේවි....
අදට අපි දෙන්න සෝලෝ ආටිස්ට්ල වෙලා අවුරුද්දක් වෙනවා.. ඒ අතරේ සිංදු දෙක තුනකුත් රිලීස් කරන්න අපිට පුළුවන් උනා ඒ වගේම චූටී වර්ල්ඩ් ටුවර් එකකුත් යන්න පුළුවන් උනා... අපේ ජුකී දැන් චූටී දුවෙක්ගෙ තාත්තා කෙනෙක්....
අපි දෙන්න අද මේ ගමනක් යනවා.. මාත් තාම දන්නෙ නෑ කොහෙද යන්නෙ කියන එක.. ඒත් යුන්ගී නම් ඉන්නෙ ගොඩක් සතුටින්.. එයාගේ මොකක් හරි හොරයක් තියෙනවා...
යුන්ගී දැන්වත් කොහෙද යන්නෙ කියනවද??
" තව ටිකයි.. ගියාම ඔයා දැන ගනී.."
ඔය කටින් කොහොමත් එක පාරම දෙයක් දැන ගන්න බෑනේ...
" එතකොට සප්‍රයිස් එකේ වැඩක් නැති වෙනවනේ..."
ටික වෙලාවකින් යුන්ගී හොස්ට්පිට්ල් එක පැත්තට කාර් එක දැම්මා...
අසනීපයක්ද??
" හ්ම්ම්..."
මොකක්ද උනේ???
" ගිහින් බලන්නකෝ.."
අසනීපෙද මහලොකු සප්‍රයිස් එක??
ටික වෙලාවකින් අපි රූම් එකකට ආවා.. එතන ඩොක්ටර් කෙනෙක් වගේම තරුණ ගැහැනු ලමයෙකුත් හිටියා... මං යුන්ගී දිහා බැලුවේ වැරදි රූම් එකකට අපි ඇවිත් වෙන්න ඇති කියලා...