යුන්ගී අපිට කෑම කන්න හොද රෙස්ටුරන්ට් එකක් බලන්න ඉස්සර උනා.. මමත් ඒ පස්සෙන්ම යුන්ගී අරන් දුන්නු පර්ෆියුම් එකත් පපුවට තුරුල් කර ගෙනම ආවා..
" මේකෙන් කමු නේද?? "
අහ් හා..
අපි ඇතුළට ගිහින් වාඩි උනාට පස්සෙ වේටර් ඇවිත් අපේ ඕඩර් එක අරගෙන ගියා..
මං තවමත් උන්නෙ යුන්ගිගෙ ඇස් මග හරින ගමන්..
" ඔයාට අමාරුයි නම් බෙහෙත් ටිකක් අරන් ගෙදර යමු.."
නෑ නෑ මට අමාරුවක් නෑ...
" ඉන්නෙ අමාරුවෙන් වගෙනෙ පේන්නෙ.."
එහෙම දෙයක් නෑ..
" හරි එහෙනම් ආයෙ මං ඔය ගැන අහන් නෑ.. ඒත් මොකක් හරි ප්‍රශ්නයක් නම් මාත් එක්ක ඔයාට ඒ ගැන කතා කරන්න පුළුවන්... "
මගේ ෆෝන් එක රින්ග් වෙනවා.. මං ආන්ස්වර් කෙරුවා..
අම්මා..
: අපි දැනුයි ගෙදර ආවේ..
පරිස්සමෙන් ගෙදර ගියා නේද??
: ඔව්.. ඔයාට කොහොමද?? මොකද කරන්නෙ??
අපි දෙන්නා ඩිනර් එකට එලියට ආවා..
" ජිමින් මටත් අම්මා එක්ක පොඩ්ඩක් කතා කරන්න දෙනවද?? "
අම්මා යුන්ගිට කතා කරන්න ඕනෙලු..
: දෙන්න දෙන්න..
" පරිස්සමෙන් ගෙදර ගියාද අම්මා??"
යුන්ගී අම්ම එක්ක කතාව.. දැන් කොහොමත් මාව ඒ දෙන්නටම වැඩක් නෑ.. අලුත් කෙනෙක් හම්බ වෙලානෙ..
ටික වෙලාවකින් අපේ කෑම ටික වේටර් කෙනෙක් අරන් ආවා.. තවමත් යුන්ගී කෝල් එකේ..
" සර් මෙතනින් තියන්නද?? "
ඔව් ඔතනින් තියන්න.. තෑන්ක් යූ..
" වෙල්කම් සර්.. තව මොනව හරි ඕනි නම් කියන්න.. "
හරි අපි කතා කරන්නම්..
" ආ මෙන්න ෆෝන් එක.. "
ඉවරයිද කතා කරලා.. මං එක්ක වත් අම්මා ඔච්චර වෙලා කතා කරන් නෑනේ...