04.

693 113 4
                                    

අපි හතර දෙනාම යුන්ගිලගෙ ඒජන්සියට ගියෙ දෙන්නගෙම බොස්ලා දෙන්න මීටින් එක ලෑස්ති කරල තිබුනෙ එහෙ නිසා..

සෝහා සහ යුන්ගී එයලාගෙ කාර් එකෙත් අපි දෙන්නා අපේ කාර් එකෙත් එන්න පිටත් උනා..

යුන්ගී සහ සෝහා අපි එනකල් බලා උන්නෙ අපි කවදාවත් ඒ ඒජන්සියට ගිහින් තිබුනෙ නැති නිසා..

"යමු.."

හතර දෙනාම ලිෆ්ට් එකට ගොඩ උනා..

සෝහා ඉස්සර වෙලා එයාලගෙ බොස්ගෙ ඔෆිස් එකට යන්න පාර පෙන්නුවා..

" ජිමින් බොස්ලා දෙන්නම එකතු වෙලා වැඩක් කරනවා කියන්නෙ එතන මොකක්ම හරි අවුලක් තියෙනවා....

මං කියන දේ තේරෙනවනේ..

මොකක් හරි ලොකු අවුලක්..."

ප්‍රශ්නයක් වෙයිද ජුකී???

" ඒක ප්‍රශ්නයක්ම කියන්න බෑ.. ඒත් ලොකු අවුලක් වෙයි..

දෙන්නම සල්ලි , ප්‍රසිද්ධිය වැඩි කරගන්න ඕන නිසා ඕනිම දෙයක් කරන්න පුළුවන් දෙන්නෙක්..."

ගිහින් බලමුකෝ...

යුන්ගීයි සෝහායි ඇතුලේ කාමරේකට ගොඩ වෙද්දි ජුකී මාව නවත්තගෙන කිව්වෙ මගේ හිත අමුතු විදියට ගැස්සෙන කතාවක්..

අපි ඇතුළට එනකොටත් බොස්ලා දෙන්නම ඇතුලේ..

ජුකී මායි බොස්ලා දෙන්නටම හිනා වෙලා එතන තිබුණු පුටුවකට උනා...

"කට්ටියම දැන් ඉන්න එකේ අපි කාරණාවට යමු.."

ඒ අපේ බොස් මිස්ටර් මින්සෝ.. යුන්ගිගේ බොස් මිස්ටර් කන්ග්..

" යුන්ගී , ජිමින් කොහොමද අද ඇමති එක්ක ගිය වැඩේ.."

"අවුලක් නෑ.."

යුන්ගී එයාගෙ බොස්ටත් කතා කරන්නෙ කිසි ගරු සරුවක් නැතුව..

"හොඳයි.. "

" ඔය දෙන්න ලෝකේ පුරාම ජනප්‍රියයි.. එකේ කිසි සැකයක් නෑනෙ..

ඒත් මේ ඊයේ උන සිද්ධිය නිසා ඔය දෙන්නට වෙනම ෆෑන් බේස් එකක් හැදිලා තියෙන්නෙ කියලා දන්නවද???"

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now