21.

539 97 26
                                    

" අම්මෝ මොනවද අප්පේ මේ දෙන්න උයන්නේ?? උඩ තට්ටුවටත් සුවඳ එනවා..."

සෝහා ලිප උඩ තිබුනු මොනවද මන්දා හැදි ගාන ගමන් එතනට ආව අපි දෙන්න දිහා බැලුවා.. යුන්ගී එළවළු වගයක් සෝදනවා..

" ඒක රහස් වට්ටෝරුවක්.."

" අපිට කන්න පුළුවන් වෙයිද??"

" තව ටිකකින් පුළුවන්.."

" උදව්වක් ඕනෙද??"

දෙන්නම බරටම වැඩ නිසා ජුකී සෝහගෙන් උයන්න උදව් වෙන්නද ඇහුවා..

" නෑ නෑ අපිම උයන්නම්.. "

පුහ්.. උයන්න පුළුවන් අයගේ කැටයම්..

" ජිමින්ට වගේ නෙවෙ මට උයන්න පුළුවන්..."

ජුකිත් දැන් ඒ පැත්තේ.. මං තමා කොන් වෙන්න ඕන..

ඔව් ඉතින් සාරට බයේ ජුකීනේ ගෙදර උයන්නේ..

ජුකී මං දිහා බලල රැව්වා.. මං හිනා වෙලා කිචන් එකේ මේසෙට හේත්තු උනා..

" එහෙමත් එකක්ද??"

ඔව් ඔව් එහෙම තමා.. මෙයා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නේ...

" ඒකට කියන්නේ බය නෙවේ.. ආදරේ.."

අහ් හා එහෙම කියමුකෝ..

" එතකොට හැම ගෙදරම එහෙමද යුන්ගී.."

" කොහොමද??"

" ගෙදර එක්කෙනාට ආදරේටද ගෙදර වැඩ කරන්නේ??"

" ඒකට සමහර ගෙවල් වල ආදරේමයි කියන්නත් බෑ බං.. අනිත් කෙනා කිසි දෙයක් දන් නැති නිසා ඒ වැඩ කරනවා වෙන්නත් පුළුවන්..."

යුන්ගී මං ඉන්න පැත්තට හැරිලා කිව්වා.. කට්ටියගෙන් කතා අහගන්න ඕන නෑනෙ.. ඉක්මනට උයන්න පුරුදු වෙන්න ඕන..

මටනේ ඔය අනම් මනම් කියන්නේ.. කට්ටියට දවසක ඇඩෙන්න කෑමක් කවන්නම්කෝ.... බලන් ඉන්න..

තුන් දෙනා ඕන මගුලක් කර ගත්තදෙන් කියල මං සාලෙට ඇවිත් ටී.වී. එක දා ගත්තා...

" ඒව නම් කෑවොත් ඇඩෙයි තමා.. අඩලා නතර උනොත් හොඳයි වොශ් රූම් එකේ පදිංචි වෙන්න නොවී.."

තවත් කියවනවා.. මං සද්දෙ වැඩි කරා..

" කොට මිනිස්සුන්ට විහිලු කරන්න එපා.. ඉක්මනට තරහා යනවා.."

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now