ඉතිරි කෑම ටික මං ප්ලාස්ටික් බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකට දැම්මා.. කොහොමත් ඔක්කොම වගේ ඉතිරි වෙලා තමා තිබුනෙ.. එච්චරටම රස ඇති.. මගේ කෑම මට ගොඩක් ශුවර් නිසාම මං නම් ඒවා රස බලන්නවත් පොඩ්ඩක්වත් කටේ තිබ්බේ නෑ.. දැන් මං මේ හැදුවේ උයන්න ගත්තු ඒව අස් කරලා කිචන් එකත් පොඩ්ඩක් අස් කරන්න.. යුන්ගී නම් පේන්න නෑ මං හිතන්නෙ වොශ් රූම් එකට ගියා.. එච්චර ඉක්මන් ප්‍රතිඵල තියේද මගේ කෑම වල...
මේක මේ හැඩි වෙලා තියෙන්නෙ හරියට දහ දෙනෙකුට කෑම හැදුවා වගේනෙ.. අයියෝ මන්දා.. කසාද ජීවිතේ නම් අප්පිරියයි... උයන්නත් ඕන, අස් කරන්නත් ඕන...
මටම බැන බැන මේ දේවල් අස් කරන අතරේ එකපාරට මට දැනුනේ මගේ බඩ මැද්ද සීතල දේකට හිර උනා වගේ හැඟීමක්.. පහල බැලුවම සීතල දේ අයිතිකාරයාව නම් හම්බුනා.. මට තද වෙලා ඉන්න අතරේ මේ මනුස්සයත් එනවා මඟුල් නටන්න..
ඇයි මොකුත් ප්‍රශ්නයක්ද??
" මොකද නිකන් ගහ ගන්න වගේ.."
ඉස්සෙල්ලා හිටිය වගේම අන්න අතෙන්ට වෙලා වාඩි වෙලාම ඉන්න ඔයා... මහන්සියෙන් උයන්නත් ඕන,, උයල දුන්නම කන්නෙත් නෑ,, කන්න බැරි උනත් මං කියන්නෙ... දැන් අස් කරන්නත් ඕන.. මඟුල..
" මොනවද කුටු කුටු ගාන්නේ??"
යුන්ගී මගේ උරහිසෙන් එයාගෙ නිකට තියා ගන්න ගමන් අහනවා..
පාඩුවේ ඉන්න ඔයා.. මට කතාවක් නෑ ඔයා එක්ක...
" මං ඉතින් උදේට කන්නම් කිව්වනේ ජිමින්.... කෝ ඔය ටික තියන්න.. මං මේවා අස් කරන්නම්..."
ඕන් නෑ.. මං හැඩි කරපුවා මන්ම අස් කරන්නම්...
" ආ කමක් නෑ දෙන්න.. දෙන්නම අස් කරමු.."
යුන්ගී මං අතේ තිබුනු ස්පොන්ච් එක අර ගෙන සින්ක් එකේ තිබුනු භාජන සෝදන්න ගත්තා.. ම්ම් ගුඩ් හස්බන්ඩ්... මං එතකල් අනිත් දේවල් අස් කරා..
" ඔන්න දැන් හරිනෙ.."
හරි..
" දෙන්නම එකතු උන නිසා ඉක්මනට අස් කර ගන්න පුළුවන් උනා දැක්කනේ.."