02.

855 125 9
                                    

ජුකීයි මමයි ඒ ගෑනු ලමයගෙ පස්සෙන් ඇවිත් නැවතුනේ හොටෙල් එකෙ අයිනට වෙන්න දාලා තිබුණු සෝපාවක වාඩි වෙලා උන්න යුන්ගීයි යුන්ගිගෙ මැනේජර් කියලා හිතන්න පුළුවන් මනුස්සය ළඟ ..

යුන්ගී වගේම නැතැයි ඒ මනුස්සයගේ මැනේජරුත්. අපි දෙන්න ආව දැකලත් දැක්කෙ නෑ වගේ දෙන්නම උන්නෙ ෆෝන් වලට එබීගෙන..

Samsung ambassador නේද මේ i phone එකක් අරන් ඒකටම එබීගෙන ඉන්නෙ.. මාර ambassador..

ජුකී මෙහෙම කතා නොකර ඉන්න එක මොනා උනත් හරි නෑ නේද?? අපි අපිව අදුන්වල දෙමුද??

මං ජුකීගෙ කනට කරල කිව්වෙ දැන් මෙතනට ඇවිත් විනාඩි දහයක් විතර ගත වෙල තිබුන නිසා..

" ම්ම්ම් මං ජුකී මිස්ටර් ජිමින්ගෙ මැනේජර්..."

ජුකී එහෙම කිව්වත් දෙන්නම අපි දිහා බැලුවෙ ඉතින් අපිට මොකද ලුක් එකකින්..

" ජිමින් මං මෙතන ලැජ්ජ උනා වගේ නේ.."

ජුකීගෙ මූන දැකල මට හිනා යන්න ආවත් මං ඉවසගෙන හිටියෙ ජුකීව තවත් මේ දෙන්න ඉස්සරහ අපහසුතාවෙට පත් කරන්න ඕනෙ නැති නිසා...

" මං සෝහා යුන්ගිගෙ මැනේජර්.."

ඒ මනුස්සයාට මෙච්චර වෙලාවක් ගියෙ ඕක කියන්නද..

" ම්ම්ම් ඇමති තුමා තවමත් නෑ නේද? අද එන් නැද්ද දන් නෑ.. "

" ඒක නම් මං දන් නෑ.."

ජුකී ඔය මනුස්සයගෙන් ප්‍රශ්න අහන එක නවත්තන්න..

මං ආයෙම ජුකීට කෙදිරුවෙ සෝහට ජුකී ප්‍රශ්න අහන එක වදයක් වගෙ ඒ මූනෙන් පෙනුන නිසා..

" හරි හරි.. ජිමින් බොන්න මොනාහරි ගේන්නද?? ගෙදර ගිහින් මොකුත් කාලත් නෙවෙනෙ ආවෙ.."

මං ඔළුව වැනුවෙ එවෙලෙ ඇත්තටම මට ගොඩක් බඩගිනි නිසා.. ජුකී නැගිටලා ගියා..

මේ බකමූනො දෙන්නත් එක්ක මට මෙතන ඉන්න බෑ... හොටෙල් එක වටෙ පොඩ්ඩක් ඇවිදල බැලුවොත් මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයිනෙ..

මං එතනින් නැගිටලා එළියට ආවා.. එතන හිටියොත් මටත් වෙන්නෙ ගොලුවෙක් වගෙ ඉන්න..

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now