" යුන්ගී සුදු පුතා ගෙදර ආවා.. ආයෙ නම් ස්කෝලේ යන්න බෑ අනේ.. මං ගෙදර ඉන්නම්කෝ... ආ තාත්තේ හාද??? "
චූටී බෝම්බේ හැමදාම ගෙදර එන්නෙම ඔය ටික කියා ගෙනමයි.. චූටී බෝම්බේ කිව්වට දැන් එයා නංගියෙක්ගේ අයියා කෙනෙක්.. ඒ උනාට චුට්ටි දවස් වල හිටිය බෝම්බෙම තමයි.. උදේට යුන්ගීගේ කටේ සද්දෙට නිකන්ම ලෑස්ති වෙලා ඉස්කෝලේ යනවා.. ආයේ ඉස්කෝලේ යන්න බෑ කියා ගෙන ගෙදර එනවා.. අනිත් එක්කෙනා නම් ආසාවෙන් ඉස්කෝලේ යනවා.. මොකද එයා කියන විදියට නම් කොල්ලෝ තුනක් එක්ක ගෙදර ඉන්න එක එයාට එපා වෙනවලු.. පුතාට අවුරුදු දෙකක් වෙද්දි අපි හේ යූන් ව ගෙනාවා.. එයාගේ බයෝලොජිකල් තාත්තා උනේ මං.. යුන්ගී කොච්චර කිව්වත් දෙවනියට නම දාන්නේ එයා කියලා ඒවා කොහෙද මං ඉන්නකල්...
අදත් බැනුම් අහගන්නද යන්නේ?? නංගී අපි දෙන්නටම තාත්තා කියනවා වගේ ඔයත් දෙන්නටම තාත්තා කියන්න.. හැමදාම ඇන ඇන ඕක කියන්න බෑනේ..
පුතා පොඩි දවස් වල යුන්ගිට තුගී කිව්වා.. ඊට පස්සේ වචන ටික ටික හුරු වෙද්දි තුන්ගී පස්සේ ඒක යුන්ගිම උනා.. ඒ දවස් වල ඒක මාත් ගනන් ගත්තෙ නැති උනාට දැන් නම් ඕනවට වඩා වැඩි.. යුන්ගී කිව්වා හරි.. මේවා මගේම වැරදි තමා...
" හරි හරි ඉතින් මං තාත්තා කියන්න බලන්නම්කෝ.."
" මොනව බලන්නද?? "
යුන්ගී මේ දවස් වල අලුත් ඇල්බම් එකට ලෑස්ති වෙනවා.. එයා ලැබ් එකෙන් එලියට එන්නෙ කන්නයි නිදියන්නයි එයාගේ සුදු දුවව හුරතල් කරන්නයි විතරයි...
" තාත්තේ!! "
" යූන් කොහොමද අද ඉස්කෝලෙ වැඩ?? හොඳට හිටිය නේද??"
දුව යුන්ගිව දැකපු ගමන්ම පැන ගෙන ගිහින් කරේ එල්ලුනා.. ඒ තාත්තයි දුවයි කොහොමත් ගොඩක් එකතුයි.. දුව මට වඩා යුන්ගිට ගොඩක් ආදරෙයි.. පුතා පොඩි දවස් වල යුන්ගීට එකතු වෙලා හිටියට ලොකු වෙද්දි එයා වැඩි පුරම මට එකතු උනා.. මොකද ඉතින් ජඩ වැඩ කරල ආවම තාත්තගෙන් බේර ගන්නෙ මමනෙ...
" දන්නවද තාත්තා ලියල දුන්නු සිංදුවට අපේ ටීච ගොඩාක් කැමති උනා.. ඒ දවස් වල අපේ ටීචගේ ක්‍රශ් එක තාත්තලු..."