03.

723 115 4
                                    

"ජිමින් තවමත් නිදිද??

ජිමින්!!!"

හීනේ හොදම ටික බලද්දි මට දැනුනෙ ජුකී මගෙ ඔළුව ඇතුලෙන් කෑ ගහන හඬක්...

ජුකී උදේ පාන්දරම ඇවිත් වගේ

ආයිශ්.. ජුකී මොකද උදේ පාන්දර කෑ ගහන්නෙ???

"උදේ!!!

දැන් වෙලාව කීයද දන්නවද??

නැගිටින්න ජිමින් තව ටිකකින් මීටින් එක තියෙනවා..."

මං හවස්ව වෙනකල්ම නිදියලද?

කාලෙකින්.... අස් දෙක අමාරුවෙන් ඇරලා වටපිට බැලුවමයි ඊයේ රෑ උන දේ මට මතක් උනෙ..

ජුකී....

ඊයේ අර වීඩියෝ එක....

"ම්ම්ම් ඔව්ව් කම්පැනියෙන් ඒ ගැන බලනවා..

ෆෝනුත් ඕෆ් කරන් මැරිලා වගේ නිදියන් හිටියෙ ඒකටද??

මීට කලිනුත් ඔයාට ඕන තරම් rumors ඇවිල්ලා තියෙනවා ජිමින්.."

ඒත් මේක rumor එකක් නෙවෙනෙ..

"ඕනවට වඩා දේවල් ගැන හිතන එක නවත්තන්න..

දැන් ලෑස්ති වෙන්න ගිහින් මං කිරි එකක් හදන්නම්..."

ම්ම්ම්

"නැගිටින්න ඉතින්....."

මං නැගිටලා ලෑස්ති වෙන්න ගත්තා...

මීටින් එකට විනාඩි දහයකට කලින් අපි දෙන්න හොටෙල් එකට ගියා..

ඊයේ වගෙ නෙවෙ..

ඇමති කලින්ම ඇවිත්..

"ඉස්සෙල්ලම ඊයේ මගේ අතින් උන අතපසු වීමට ඔය හතර දෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා..

මට සමාවෙන්න..."

"ඒකට කමක් නෑ ඇමතිතුමා..

ඊයේ ඔබතුමා ආවත් මීටින් එක අපිට ගන්න වෙන් නෑ.."

මෙච්චර වෙලා කට වහන් උන්න යුන්ගී කට ඇරියා..

"එහෙම කියන්නෙ ඇයි මිස්ටර් යුන්ගි.."

"ඊයේ එක්කෙනෙක් පූල් එකට වැටිලා පැය ගානක් සිහිය තිබුනෙ නෑ..."

මං ලැජ්ජාවෙන් බිම බලා ගනිද්දී ජුකී ඊයෙ උන සිද්ධිය කෙටියෙන් ඇමතිට කිව්වා....

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now