22.

549 99 12
                                    

ලිරික්ස් කරන්න පටන් ගෙන පැය දෙකක් වෙනවා.. කිසිම අයිඩියා එකක් ඔලුවට එන් නෑනෙ.. බාගෙට ලිය ලිය හිටිය පොත වහලා දාලා මං ඇදට පැනලා බෙඩ් ශීට් එක දා ගත්තා...

ඇහැරුනේ කීයටද මං දන් නෑ.. නිදිය ගන්නකොට  ජනේලෙන් කාමරේට ආව ඉර එලිය තිබුනෙ නෑ.. හොඳටම අඳුරු වෙලා..

කෝ මගේ පොත.. නිදිය ගනිද්දි පොත තිබ්බ තැන ඇහැරෙනකොට නෑ.. කාමරේ පුරාම මගේ ලිරික්ස් පොත හෙව්වා.. ඒකට තටු ආවද??

මං පහලට ආවේ පොත හොයන්..

" මොනවද හොයන්නෙ??"

මගේ පොත නැති වෙලා..

"මොන?? බැංකු පොතද??"

බැංකු පොත නෙවේ යුන්ගි.. මං සිංදුව ලියන ගමන් හිටිය පොත..

බැංකු පොතක් මේ රෑ මං හොයන්නෙ මොකටද??

" ආ.. ඒක ලැබ් එකේ.."

මොකක් ඔයා ඒක කම්ප්ලීට් කෙරුවද??

" ගිහින් බලන්න.."

යුන්ගී මේ කරේ නම් ලොකු උදව්වක්.. මං ලැබ් එකට දුවලා ගියා... මගේ පොත යුන්ගිගෙ මේසෙ උඩ.. මං ඒක අර ගෙන බැලුව.. මං බාගෙට ලියල තිබුනු සිංදුව යුන්ගී කම්ප්ලීට් කරලා.. වාහ්හ්... ඒක ලස්සනට ලියලා..

" හොඳයිද දන් නෑ.."

ඒක ගොඩක් හොඳයි යුන්ගී.. මට කිසිම අදහසක් එන් නැතුවයි තිබුනේ..

" මෙලඩියකුත් හැදුවා.. ඒකත් බලන්න.."

යුන්ගී මං නිදියන් ඉන්න අතරෙ සිංදුවේ වැඩ බාගයක්ම ඉවර කරල.. දැන් ඉතින් ඉතිරි වෙලා තියෙන්නෙ සිංදු ටික රෙකෝඩ් කරන්න.. රෙකෝඩ් කරාට පස්සේ ඉතිරි වැඩත් තියෙන්නෙ යුන්ගිටම තමයි...

අපි හෙටම රෙකෝඩ් කරන්න පටන් ගමුද??

" තව දවස් දෙකකින් පටන් ගමු.. තව දවස් තියෙනවනේ...."

ම්ම්ම්.. මේව හරි ලස්සනයි..

" මං ඉන්න නිසාම හොඳයි.."

සිංදු වල වැඩත් ෆොටෝ ශූට් ඒ ඔක්කොමත් එක්ක අපි දෙන්නම ගොඩක් බිසී උනා.. දෙන්නත් එක්ක කරන පලවෙනි ඇල්බම් එක නිසා අනිත් ඒවට වඩා ලොකු අවධානයක් අපේ ඇල්බම් එකට ලැබුනා.. මාසයක් යන්නත් කලින් සිංදු පහේ ඔක්කොම වැඩ ටික කම්ප්ලීට් කරල කම්පැනියට භාර දුන්නා.. ඇල්බම් එකට ගොඩක්ම මහන්සි උනේ යුන්ගී තමයි.. ඇත්තටම කිව්වොත් මගේ කටහඬ විතරයි ඒ සිංදු වල තිබුනෙ.. අනිත් හැම දේම යුන්ගිගේ..

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now