29.

659 85 12
                                    

අන්තිම තීරණේ බබාගේ නම මින් ජේ යූන්!!!!

" හරි එහෙනම් දෙවනියගේ නම දාන්නෙ මං.. එදාටත් මං කියන නමට කැමති නැති වෙලා මූන එල්ලන් හිටියොත් බලා ගන්නම්.."

කමක් නෑ මට ඕනි නම අපේ චූටියට මං කොහොම හරි දා ගත්තනේ... යුන්ගිටත් ඇද කර ගෙනම මං ආවේ අපේ අඬන බබාව බලන්න... දැන් එයාට සති තුනක් වෙනවා.. අම්මල සති දෙකක් අපි එක්ක හිටියා... අපි දෙන්නට දැන් බබාව බලා ගන්න හුරුයි... මෙච්චර වෙලාම පැටියා හිටියෙ සැප නින්දක් දාගෙන.. තාත්තල දෙන්නගේ සද්දෙටමද මන්දා එයා ඇහැරිල සුදු මූනත් රතු කර ගෙනම අඬනවා..

මොකද චූටියා අඬන්නේ??? ම්ම්ම්...

අතට අර ගෙන තියා ගත්තම හරි.. අඬන එක නවත්තල මූන දිහා බලන් ඉන්නවා.. තාත්තා වගේම නැතැයි පුතත්... එයා දැන් අතට හුරු වෙලා ඉන්නේ.. නැඟිටල ඉන්නව නම් කවුරු හරි එයාව අතට අර ගෙන තියා ගන්න ඕනි... ගෙදර ලොකුවට වෙන වැඩක් නැති නිසා හොඳයි... ගොඩක් වෙලා නිදියපු නිසා දැන් බඩ ගිනි වෙලා ඇත්තේ..

යුන්ගී!!!! කිරි එක අර ගෙන උඩට එන්න...

පහල හිටිය යුන්ගිට මං කෑ ගැහුවා..

" පැටියට බඩ ගිනි වෙලාද??"

ඒ වගේ..

" මං පොවන්නම්.."

ඒජන්සි වලින් අයින් උනු නිසා වෙනදට වඩා අපිට අපේ දේවල් තනියම කර ගන්න සිද්ද උනා.. යුන්ගිත් ගොඩක් මහන්සි වෙනවා ප්‍රඩියුසින් වැඩ වලටයි ගෙදර වැඩ වලටයි.. ඒ උනත් අපි දෙන්නම මේ අවුරුදු දෙක පුරාම හිටියෙ ගොඩක් සතුටින්..

යුන්ගී කිරි එක පොවන අතරේ මං තැන තැන දාල තිබුනු තාත්තලාගෙයි පුතාගෙයි ඇඳුම් ටික වොශින් මැෂින් දැම්මා... චුටීගෙ ඇඳුම් නම් එයා ලොකු වෙනකල් වෙනම සෝදන්නෙ..

" ජිමින් ඇවිත් කාලා ඉන්න.."

ආයෙම නිදිය ගත්තද??

" ම්ම්ම් ඔව්.."

අපි දෙන්න කෑම කන්න පටන් ගත්තා..

අලුත් සිංදුවෙ වැඩ ඉවරද යුන්ගී??

" අද ඉවර කරලා දෙනවා.."

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now