" දැන් නම් නිදියන්න එපා.. මෙහෙට එනකොටත් නිදි, ගිහිල්ලත් නිදි පුදුම නිදිමතක්නේ.. තනියම මං මේක ඩ්‍රයිව් කරද්දි මටත් කම්මැලිනේ.. ඔයත් නිදිය ගත්තොත් මේක පැත්තකින් නවත්තලා මාත් නිදිය ගන්නවා...."
වාහනේට නැග්ග ගමන්ම ඔන්න පටන් ගත්තා...
හරි හරි මේ දැන් නිදි මතක් නෑ මට දැක්කද??
මගේ නිදි මත නැති ඇස් දෙක යුන්ගිගේ මූන ලගටම කරල පෙන්නුවා...
" ඔව් ඔව් දැක්කා මම.. වාඩි වෙලා සීට් බෙල්ට් එක දා ගන්න... "
මං හරියට වාඩි වෙලා සීට් බෙල්ට් එක දා ගත්තා.. දැන් වෙලාව දහයට ඇති..
" උදේට කාලම යමු නේද??"
ඔව්.. කාලම යමු..
මේ එන පාරේ උනත් තියෙන්නෙ මාරම ලුක් එකක්.. රෑ එන කොට මේව දැක්කෙ නෑනේ..
යුන්ගී කොහොමද මේ පළාත ගැන දැන ගත්තේ?? කලින් ඇවිත් තියෙනවද???
" මං ඇවිල්ලා නෑ.. ඉන්ටර්නෙට් එකේ බලලා හොයා ගත්තේ.. මං කවුරු එක්ක මෙහෙ එන්නද ජිමින්??"
මේකත් හරි ලස්සන ආදරණීය අත් දැකීමක්.. ගස් වලින් වට වෙලා තියෙන පාරක ආදරේ කරන කෙනා එක්ක කියව කියව මෙහෙම ලෝන්ග් ඩ්‍රයිව් එකක් යන එක.. කවදාවත් මගේ ජීවිතේ මෙහෙම අත් දැකීම් මට ගන්න පුළුවන් වෙයි කියලා මං නිකමටවත් හිතුවේ නෑ.. යුන්ගී මගේ ජීවිතේට ආවට පස්සේ ඇත්තටම මගේ ජීවිතේ ගොඩක් ලස්සන උනා.. මං හරි ආදරෙයි යුන්ගිත් එක්ක මේ ලැබෙන හැම අත්දැකීමකටම...
තවත් පැයකට විතර පස්සෙ යුන්ගි පාරෙ අයිනෙ තිබුනු පොඩි කඩයක් ළඟින් කෑම කන්න නැවැත්තුවා.. ඒකෙන් අපි උදේටයි දවල්ටයි දෙකටම හරියන්න කෑම ගත්තා.. රෑට මං උයන කෑම කන්න ඕනෙ කියල යුන්ගී කිව්වේ කෑම කඩෙන් එලියට එද්දිමයි... හෙට නිවාඩු නම් විතරක් මං උයලා දෙන්නම් කියලා මං කිව්වේ නිකන් බොරුවට මට අවදානමක් ගන්න බැරි නිසා..