episode 02

2K 253 27
                                    

principle එනව දකිද්දි මමත් දනි පනි ගාලා නැගිටලා ෂර්ට් එක හදා ගත්තා.
කොහොමහරි පැනලා යන්න හදපු උන් ටිකත් සර්ට මාට්ටු
උන්වත් අරගෙන එනකොට මුලු බයෝ ලෑබ් එකේම එවුන් වටවෙලා වෙන්නෙ මොනවද කියල බලන් ඉදියා.
මගේ ඉහෙන් කනෙන් දාඩිය දාද්දි
බයක් දැනුනත් නොපෙන්වා ඉන්න උපරිම try එක දුන්නා.
සර් ආවෙත් වේවැලක් අරන් වෙනකොට අද නම් අම්බානෙකට කන්න වෙනවා කියන එක නම් මට සීයට සීයක් ෂුවර්..

"මොකද මොකද අයිසෙ මොන්ටිසෝරි එවුන් වගේ උදේම වලි දා ගන්නෙ .."

"මොන පිස්සුවක් ද නටන්නෙ
බලනවා කුලු හරක් වගේ..."

"ආ මේ අර අලුත් හාදයා නේද..."

සර් මගේ සිරසේ ඉදන් පාදාන්තය දක්වා බලද්දි මම බිම බලාගෙන මුකුත් නොකිය ඉදියා.
ඇස් කොණෙන් බලද්දි හිරුකයත් ඉන්නවා කැරට් අලයක් හිර උන හාවා වගේ බිම බලාගෙන.
අනේ අම්මපා මූට තව දෙකක් ඇනගන්න බැරි උනානෙ මට ..

"මෙතන මොකක්ද උනේ කියනවා කවුරුහරි මට ..."

අනිත් උනුත් ඒ වෙලාවේ ගොලුවත රකිද්දි ඔක්කෝගෙම ඇග වෙව්ලන්න ගත්තේ නාරද හාමුදුරුවෝ එක්ක
ප්‍රදීප් සර් පඩිපෙල නැගන් එනකොට ...

ඔය දෙන්නම විනයබාර කමිටුවේ ඉහලම ඇත්තෝ .ඊටත් වඩා කොහිල කොටුවක දවසම තිබ්බත් කමක් නැති ජාතියේ දෙන්නෙක්.
ගැහුවොත් ගහන්නෙ ආයෙත් දවස් ගානකට පාරවල් තදට හිටින්න.
දැන් නම් මට ඇඩෙන්න වගේ..

"බලන්න අපේ හාමුදුරුවනේ මුන් පොඩි උන් වගේ..."

පිනාත් නිකම් අර ගෑනී මිනිහට නඩු කියනවා වගේ අපි දෙන්නව ප්‍රදීප් සර්ටයි හාමුදුරැවන්ටයි භාර දුන්නෙ පණ පිටින් බැරි නම් අමුවෙන් කෑවත් අගුණ නෑ කියන්න වගේ බැල්මක් දාලා ..

"මොකො තොපිලගෙ කටේ පිට්ටුද
මම අහන්න කලින් එකෙක් කියහන් මුන්ට මේ ගාය හැදුනේ මොන කෙහෙල් මලක් වෙලාද කියල..."

.....

.....

....

"ආ දැන් බොලට කියන්න බෑ .ඇයි මේකේ ඉන්න උන් පොට්ටයිද..අන්තිම පාරට අහන්නෙ එකෙක් ගෙ දත් වහල්ල බඩට යවල ඔක්කෝටම වේවැල් කසාය දෙන්න කලින් කියනවද නැද්ද ..."

නිදුක් Where stories live. Discover now