episode 29

1.4K 193 41
                                    

අපි සතුටින් ඉන්න කොට කාලේ ඊයක වේගයෙන් පියාබලා ඉක්මනට ගෙවෙනවා ..
මට එහෙම හිතෙන එකේ කිසිම වැරැද්දක් නෑ ...කාලය ඔහේ ගියාවේ ...
ඒත් ඒ කාලයේ හැමදෙයක්ම ගෙවෙන්නන් වාලේ වුනේ නෑ .
අපි ජීවත් වෙන්නන්වාලේ ජීවත් වුනෙත් නෑ .ඇත්තටම අපි ජීවත් වුනා. ..
මනුස්සයෙක් මැරෙනකල්ම පපුව ගැහෙනවා. ඒකෙ සැකයක් නෑ .හැබැයි මනුස්සයෙක් තමන් ජීවතුන් අතර කියල හිතනකොට පපුවෙ සද්ද බද්ද ඇහෙන්න ගන්නවා.
මම හිතන්නෙ තමන් ආදරය කරන කෙනාව මතක් වුනත් හිත අමුතු සතුටකින් පිරිලා ඉතිරිලා යන හැගීම එතකොට එයාව දකිද්දී එයාගේ ස්පර්ශයක් දැනෙද්දි එයත් එක්ක කතා කරද්දි පපුව වෙනදට වඩා හයියෙන් ගැහෙන හැගීම ....
ඔව් ඒකට කියන්නෙ ජීවත් වෙනවා .
ආදරය මිනිස්සුන්ට තමන් ජීවත් වෙනවා කියල මතක් කරනවා. හැබැයි ආදරය අහිමි මිනිස්සු  ...
මම හිතන්නෙ එයාලට එයාලගෙ ජීවිතය ආදරයෙන් තොර වුනාම පිස්සෙක් වෙන එක මැරෙන්න හිතෙන එක ...එහෙම වෙන්නේ එයාලා අසීමිතව ආදරය කරපු හන්දම නෙවෙයි. ආදරය එයාලව ජීවත් කරපු හන්දා...
කාලයක් තිබුනා මම ආදරය නිසා ජීවත් වුනා . ඇත්තටම ආදරය විසින් මාව ජීවත් කරවපු .

දෙනුවන් අයියගෙ විභාගයට තියෙන දින නම් ගියේ ඉගිල්ලිලා වගේ. ඒ කාලේ නම් එයත් එක්ක රණ්ඩු කරන්න කිසිම ඉඩක් මම හදා ගන්නවා ගත්තේ නෑ ...
මටත් වැඩ ගොඩක් එකදිගට කර උඩ පැටලුනා. පන්ති යන්න.ඉස්කෝලන් දාපු අමතර පන්ති වලට යන්න.පේපර් කරන්න
පාඩම් කරන්න . ගෙදර අස් පස් කරන වැඩ .උයන පිහන වැඩ..
ඒ ඔක්කොම වගේ මම කොහොමහරි කරා .
දෙනුවන් අයියට මගේ පොඩි මහන්සියවත් නොදැනෙන විදිහට මම ඉදියා .මොකද නැත්නම් ඊටපස්සේ පොත් ටික දමල ගහල ඇවිත් එයා වැඩ කරන්න ගන්නවා.
ඒ  වැඩ ඔක්කොම අස්සෙ තවත් චූටී චූටී දේවල් වලටත් මම ඉඩ හදා ගත්තා.

උදේ පාන්දර නැගිටලා බුදු පහන තියලා හැමදාම සෙත් පතලා බුදු පහනෙන් තෙල් ටිකක් අරන් නිදාගෙන ඉන්න කොල්ලගෙ ඔලුවේ ගාලා දුවන්න...
පාඩම් කර කර ඉන්නකොට පුලුවන් හැම වෙලාවකම කාමරේට එබිලා නින්ද ගිහින් නම් කොණ්ඩෙන් ඇදල ඇදල හරි නැගිට්ටවන්න..

වැඩ කරල කරල මටත් මහන්සියක් නොතිබුනු නිසාම නෙවෙයි. ඒ වගේ දේවල් කරද්දි මගේ මහන්සිය දිය වෙනවා ..
මට ඕන කරේ එයාව සතුටින් තියන්න
එයා මං හන්දා සතුටින් නම් මමත් සතුටින් කියල මාව සතුටින් තියන්න ..
එයත් ඉදියේ පාඩම් වැඩ එක්ක හොදටම එරිලා. මට ඕන වුනේ නෑ එයා stress වෙලා විභාගය අනා ගන්නවා දකින්න .
මං ලග තිබුනේ පොඩි පොඩි විසදුම් .ඒවා එයාට කොයිතරම් දුරට වැදගත් වුනාද කියල දන්නෙ දෙවියෝ විතරයි...

නිදුක් Where stories live. Discover now