episode 03 ♡

2K 273 16
                                    



වෙන මිනිස්සු මැරිලා මැරිලා ගෙදර ඇවිල්ලා පුටුවක වාඩි වෙන්නේ අම්මෝ නිවන් ගිහින් ආවා වගේ කියලා ..
ඒත් මට ගෙදර මතක් උනහම කියවුනේ
අපාය තව හොදයි කියන එක
ඒකත් අද වගේ දවසක ගෙදර යනවට වඩා හොදයි නිකම් ඉන්න එක ...

අව් කාශ්ටකේ දැඩිය බේරෙද්දි වේවැල් පාරවල් වලට පිට තුවාල වෙලාද කොහෙද පට්ට දැවිල්ලයි.
වෙල් යායෙන් එන හුලග විතරක් මට සහනයක් දෙනකොට මම මැරෙන්න ඔන්න මෙන්න ඉන්න හිගන්නෙක් වගේ කකුල් අද්ද අද්ද ඇවිද්දා ...

වෙල් යාය පහු වෙලා අතුරු පාරවල් දෙකකින් ඇරැනාම තියෙන්නෙ ලලිතා නැන්දගෙ සිල්ලර බඩු කඩේ ..
ඕකෙන් තමයි ඉතින් අපි බඩු ගන්නෙ
හොදමත් නෑ ලොකු නරකෙකුත් නෑ
මම ශේප් එකෙ කඩේ පාස් කරලා අඩි ඉක්මනට තියලා ආවේ ඔය ගෑනී මාව දැක්කොත් කොර ගගහා එනව කඩේ සීයක් ආවත් සියවිදිහකට කතාවක් කියන ජාතියේ ගෑනී නිසා..

කඩේ පහු උනාම තියෙන්නෙ කන්දක් නගින්න . ඊටපස්සේ තියෙන අඩි පාරෙ හම්බ වෙන පලවෙනි ගේ තමයි මගේ ගෙදර
ගේ තිබුනේ ටිකක් අස්සට වෙනකොට
මේ අඩිපාරෙන් තව ගෙවල් දෙකක් ඇරැනුකොට තියෙන්නෙ රබර් කට්ටියක්.
මගේ ගෙදර කිව්වට මොකද මේක කුලී ගෙයක්. කුලියට ආපු නිසා ඉතින් අපි ගමටම පිටසක්වල ජීවීන් වෙලා ඉන්නෙ ..

මම ගෙදරට නගින්න තියෙන පඩි ටික නැගලා කුස්සිය පැත්තෙන් ඇතුලට යනකොට මට ඇහුනා අම්මා කා එක්ක ද කතා කර කර මට බනිනවා.
ෂුවර් එකට මීට එහායින් තියන අන්තිම ගෙදර ඉන්න මාලි නැන්දා ඇවිත් ඇති .
ඔය මනුස්සයා තමයි ඉතින් අපිත් එක්ක හරී හමන් විදිහට කතා කරන එකම කෙනා මේ ගමින්..
අම්මා මේ ටිකට කනේ තියලා ඇති ඉස්කෝලෙ සිද්ධියත්..
අනේ මන්ද මෙලෝ දෙයක් හිතන්නෑ ඔහෙ කියවනව. ඊටපස්සේ ගමේ ගෑනුත් ඕවා රහ කර කර අඩුම කුඩුම දාලා ගමට පතුරනවා ..

ආ නංගියේ ඔය එන්නෙ කොල්ලා.
ඔය වයසෙ උන්ට ගහලා කරල බෑ
ටිකක් හොදින් ඕවා තේරුම් බේරුම් කරල දීපන්...

මම යනව නංගියේ. වැස්සක් එනව..
රෙදි ඔක්කොම වැලේ දාලා ...

මම ගෙට ගොඩවෙනකොටම මාලි නැන්දා ගෙදර ගියේ අපිට හිතේ හැටියට රණ්ඩු කරගන්න දීලා ...

නිදුක් Where stories live. Discover now