episode 15

1.9K 222 10
                                    

දෙනුවන් අයියා බස් එකෙන් බැහැලා ගියාට
මට තාමත් එයාව දැනෙන්නෙ ලග ඉන්නව වගේ.
ඇත්ත ..
මම බස් එකෙ ආවේ දෙනුවන් අයියා එක්ක.
සැරින් සැරේ හේතුවක් නැතුව හිනා යද්දී මම බස් එකෙ මිනිසුන් ට මූණ හංගන්
ජනේලෙන් එලිය බලන් තනියම හිනා වුනා .
මට පිස්සු වගේ අප්පා ...
කවුද හිතුවේ ඔහොම මගුලක් වෙයි කියලා.
කණ්ණාඩියකින් නොදැක වුනත් මම හොදටම දන්නවා මගේ කම්මුල් කන්පෙති දැන් ඇති රෝස පාට වෙලා ..

බස් එකෙන් බහින කොට හයයි පහලොවත් පහු වෙලා ...
ඒ අස්සේ හීනී පොදයක් වහිනවා.
කුඩයක් ගෙනාවෙත් නෑ කැප් එකෙ පිහිට තමයි. තැන තැන නතර වෙන්න බෑ තව ටිකකින් කලුවර වෙනවනෙ..
මේ වෙල් යායේ  මේ කැලේට සත්තු  සර්පයෝ රෑ වෙද්දි පාරට ඇදෙනවා.
තීන කරුම මදිවට ඕකුන් එකෙක් කෑවොත් අමා මහ නිවන් සුව ...

හවසට අහස හරි ලස්සනයි අප්පා ..
එක පාටක් නෑ මුලු අහස ම අහම්බෙන් සුදු රෙද්දකට සායම් බෝතල් වැටිලා වගේ .
ඉර නම් දවසේ ඩියුටිය ඉවර කරලා ඉක්මනට පැනල යන්න හදිස්සිය..
කහපාට රෝස පාට තැබිලි පාට එක්කහු වුන ඇසිතික් පින්සල් පාරවල් වැදුනු හවස
අහස කියන්නෙම නම නොදත් චිත්‍රකාරයෙක් ගෙ ඇබ්බැහි වෙන චිත්‍රයක්...
කුරුලු රෑන් රෑන් එක පේලියට පියාබනකොට හිතෙන්නෙ ම ඒ චිත්‍රයට පණ ඇවිත් කියලා...

මම ගෙදර එනකොටම බිම් කලුවර වැටිලා .
ගෙදර රේඩීයෝවේ හවස බෝධි පූජාව ඇහෙනවා. මුලු හිතම නිවනව
අම්මා ඉන්නවා කුස්සියේ දර ලිපේ උණු වතුර කේතලයකට පිඹින ගමන් ...

" නිදු රෑ වෙන්න කලින් ලලිතලගෙ කඩෙන් මම සල්ලි දීලා ඇති පොල් ගෙඩි දහයකට. අන්න ඒක අරන් වරෙන්. රැටවත් උයන්න පොල් නෑ "

" හ්ම්.."

මම එහෙම්ම කාමරයට ඇවිත් සපත්තු ගලවල බෑග් එකත් ඇදට විසික් කරල ඇදුමක් දාගෙන ටෝච් එකක් අරන් පහල කඩේට යන්න ලෑස්ති වුනා ..

" මේඒඒ එක්කෝ ඕන නෑ අර දර මඩුවේ මම පොල් ගෙඩියක් අහුලල ඇති
අන්න ඒක ලෙලි ගහපන්..."

ඒකත් එක අතකට හොදයි. නැත්නම් මේ රෑ කඩේ බඩගාන්න එපැයි.
මම යකඩයයි ටෝච් එකයි අරන් දර මඩුවට ගියා .කුස්සියෙ ලයිට් එක තිබුනට ලොකුවට එලියක් වැටෙන්නෑ..
කලුවත් ඉන්නෙ ඕකෙ බැදලා.
කලුවරේ ගිහින් ඌව පෑගුනොත් එහෙම.
කන්නෙ නම් නෑ ඒත් සතපහකට විශ්වාස නෑ ..

නිදුක් Where stories live. Discover now