episode 21

1.6K 209 12
                                    

පහුවදා මම නැගිටින කොට හතයි.
මම ඔරලෝසුව දැක්ක ගමන් දඩි බිඩි ගාලා ඇදෙන් පැන්නා .
දෙනුවන් අයියා කාමරේ ඉදියත් නෑ ..
මම එහෙම්ම බාත්රූම් එකට රිංගගෙන මූණ හෝදලා කාමරයට ආවා ...

ෂික් මමත් මහ පිස්සෙක් නෙ .
අර මනුස්සයා තාම නිදිද දන්නෑ ඉක්මනට තේ එක හදල ගිහින් දෙන්නෝන.
තව ටිකක් නිදා ගත්තා නම් ඊයේ වගේ දොලහ පහු වෙනව උදේටයි දවල්ටයි කනකොට..
මම ඇද අස් කර කර ඉද්දි හෝතම්බු පැටියා ආවනෙ .නිකම් නෙවෙයි තේ දෙහෙකුත් හදාගෙන චොකලට් බිස්කට් කෑල්ලකුත්  කටේ ඔබා ගෙන ...

"good morning "

"  good morning මම හිතන් ආවේ තේ එක අරන් ඇවිල්ලම ඇහරවන්න කියලා .මොකො නැගිට්ටේ"

" අයියෝ මට නින්ද ගියානෙ අප්පා සොරි ආ .."

" ඒ මොකටද සොරි සොරි ගාන්නෙ.."

" නෑ ඉතින් හරි නම් මමනෙ තේ හදන්නෝන"

"ඇයි තමුසෙ මගේ වැඩකාරයද.?"

" නෑ එහෙම නෙවෙ මම කිව්වේ.."

" තමුසෙ අපේ තාත්තගෙ ඌෂ්ණෙ ඇගට දා ගන්න ඕන නෑ මට පුලුවන් මගේ වැඩ ටික කරගන්න. තව මට උයන්නත් පුලුවන් මට පුලුවන් වෙලාවට මම උයන්නම් උබටත් එක්ක. අනිත් වෙලාවට උබට සප් එකක් දෙන්නම්..."

අම්මටසිරි උයන්නත් පුලුවන් ද සුදු මහත්තයට...ගැම්මක් තමයි
දැන් ඉතින් මේකට කියල දවසට එක වේලක් හරි උයාගත්තේ නැත්නම් මම නිදුක නෙවෙයි .අපරාදේ කියන්න බෑ තේ එකත් රහයි.
කහට පාට සුවඳ හරි ගානට ...
ම්ම් හේමාල් වෙනුවට වීවා ඇඩ් එකට දෙනුවන් අයියව යවන්නෝන...

" අද හවස පොඩී එනවා ..."

ඕකනෙ ඕකනෙ බැරි හොදට තිබුනු දවස කනවනෙ. මම හෙන ගැම්මෙන් දවස පටන් ගන්න හිතනකොට ම කාබාසිනියා කරනව .
මම ඉතින් මූණත් ඤානු කරගෙන තේ එක උණු පිටින්ම බීගෙන බීගෙන යන්න ගියා.
උගුරයි බොන්න හම්බ වුනේ දිවත් එක්ක පිච්චුනා..
ඒ ගමන් හෝතම්බු පැටියා දෝත බදලා පිටට පාරක් දුන්නා ආයෙත් නෑ දිව පිච්චුනා නම් හොදයි කියල හිතුනා.
ඇයි ෂර්ට්ලස්වනෙ ඉදියේ පිට කිස් කනවා ඉතින්.

" උබට මම ඇල්වතුරින් තේ හදලා ගෙනත් දුන්නා කියල හිතුවද ..?
පුලුවන් නම් ලෝදිය වගේ කටට හලාගෙන බඩවැලේ ඉදන් ම පුච්ච ගනින් .
මොලයක් කියල නාමයක් නෑ බූරු තඩියා.
ඉස්කෝලෙ මහ ලොකුවට බයෝ කරන්නෙ .
පව් ඉතින් කවදහරි ලගට එන ලෙඩ්ඩු.."

නිදුක් Where stories live. Discover now