episode 09

1.8K 275 36
                                    

මගෙ ජීවීතේ වැඩිපුරම තිබුනේ මහන්සිය වැඩි කමට නින්ද ගිය රැයවල්
වෙනකොට
එහෙම රැයවල් දෙතුන් දොහකට පස්සෙ
ආවේම නින්ද අහලකවත් නැති මූසල රැයවල්...
ඊයෙත් හරියට ඒ වගේ..

ඇස් පියවෙන්න ඔන්න මෙන්න තිබිලත් මට පේන්නෙ ම උලු වහලේ බාල්කේ වෙනකොට වෙන අතක් බලා ගත්තම
මට පෙනුනේ එක පැත්තකින් තීන මගෙම බෙහෙත් පෙට්ටිය ...
අම්මා ගෙදර මැරෙන්නැතුව ඕන තැනක මැරියන් කියල නොකිව්ව නම්
මෙලහකටවත් මම ජීවත් වෙන එකක් නෑ ..

එක අතකට ඉස්කෝලෙ උන් මට ගෑනියෙක් කියන එක සාධාරණයි. උන් කිව්වේ මම ඇවිදින බෝ පැලේ වගේ කියලා. වෙන කොල්ලෝ වගේ මම ගොන් ජෝක් කර කර හිනා උන්නෑ උලු වහලවල් දෙදරන්න.
උන් වගේ මගේ ඇගේ රස්තියාදු නහර ඉලිප්පීලා නෑ මැරකම් කරන්න.
ඒත් වෙලාවකට මට හිතෙනව මම ගෑනියෙක් උනා නම් හොදයි කියලා
මට එහෙම නම් තැනක් නොතැනක් නැතුව අඩන්න තිබුනා. අඩුම තරමේ මට වෙන කාගෙන් හරි අනුකම්පාවෙ අංශුවක් හරි හිගා කන්න පුලුවන් කම තියෙනවා.
ඒත් පිරිමි අපිට කදුලු අකැපයි .හයියෙන් කෑ ගගහා අඩන්න අකැපයි
අපිට කරන්න උනේ ම එක හුස්මකින් කප්පරක් දුක් ගොන්නක් පිට කරන්න.
අපි ඉදියෙ ම පරම්පරා රැකගෙන පවුල් පන්සල් බලා ගන්න.
එහෙව් සමාජයක මම වගේ අසරණ එකෙක් ට උරුම එකම එක දෙයයි

"මරණය "

මෙච්චර කාලෙකට දින පොතේවත් නොලියවුණු හුගක් කතා මගේ පපුවේ පැත්තක උණු ලෝදිය කූරකින් හැම රැයකම කෙටෙනවා. මෙච්චර කාලෙකට මගෙ අතින් ගිටාරයේ තත් අතර නොවැදුනු මරණීය සංගීත ස්වර පෙලක් දාට කන් බෙර පුපුරන්න වැයෙනව..
එහෙම දවස් වල බලා ගත්ත අත බලාගෙන මම ඔහේ කල්පනා කරනවා.
මම අන්තිමට සතුටු උනු දවස් ගැන හදවතින් අහනවා.
එහෙම දවසක් මගේ ජීවිතේ නැති තරම්.
ඉතින් මේ ලෝකේ මොකාටද පුලුවන් අවුරුදු 18ක් වෙනකන් එකදිගට දුක් විදලා විදලා කාත් කවුරුත් නැතුවත් හිනාවෙලා ඉතුරු හරිය ජීවත් වෙන්න හිත හදා ගන්න
.........
කාටද පුලුවන්..?
මම හිතන්නෑ එහෙම දුක් විදපු එකෙක් වත් එකපාරක් හරි ජීවීතය අත් ඇරලා නැතුව ඇති කියලා..
මම තරම් මොකෙක් වත් නැතුවැති ජීවත් වෙන්න මෙච්චර කට්ටක් කන..

නිදුක් Where stories live. Discover now