episode 19

1.5K 203 21
                                    

හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.
කතාවේ දුශ්ටයට වුනත් එයාගෙම කතාවක්
තියෙනවා...
අහම්බෙන් මම බලපු moive එකක් ඉවර වෙද්දි මට එහෙම හිතුනා.
මගේ ජීවිතේ කියන moive එකෙත් එහෙම කතා ගොඩක් ඇතුලත් වෙලා තිබුනා ..
ප්‍රශ්නය තිබුනේ ඒ කතා අපිට හිතින් මවා ගන්න විතරයි පුලුවන් මෙහෙම වෙන්නැති ඒ නිසා මෙහෙම කරන්නැති කියල ..
ඇත්ත කතාව දන්නෙ ඒ ඒ මිනිස්සු ම විතරයි.

මම හිරුක ට තුන් හිතින්වත් වචනයක් කිව්වෙ නෑ තරහකට.
හිරුක කොච්චර ඉස්කෝලෙ චණ්ඩි පාර්ට් දාලා කරන්න ඕන මගුල් ඔක්කොම කරත්
මොන විදිහෙ නරක වැඩ කරත්
ඒකට කවුරුත් නොදැකපු පැත්තක් තියෙන්නැති...
අනිවාර්යෙන් එහෙම වෙන්නැති .
එදා ගුටි කකා අඩ අඩ හරි කෑ ගහන කොට
උගෙ ඇස්වල තිබුනේ කේන්තියක් වෛරයකට වඩා දුකක්...
මම ඒකගෙ ඇස්වලින් පොඩි ලමයෙක් ව පෙනුනා.
මගේ ඇතුළාන්තයේ ඉන්න පොඩි එකා වගේම පොඩි එකෙක්...
ඌ කවද තේරුම් ගත්තත් නොගත්තත් ඒකයි මායි දෙන්නම එකම බෝට්ටුවේ එවුන් .
වෙනසකට තියෙන්නේ පන්ති භේදය විතරයි.

මම ගෙදරින් අයින් වෙන්න හිතුවෙත් ඒකෙන් හැමෝටම හොදක් වෙන නිසා.
හිරුක ට වුනත් ඒකෙන් පොඩි හරි සහනයක් දැනේවී.
අනික මුණසිංහට වුනත් මට හොදවැයින් දෙකක් කතා කරන්න තිබුනා ඉන්නෙ මේ ගෙදර නෙවෙයි නම්...
දෙනුවන් අයියා ගැන මගේ හිතේ කිසිම තරහක් නෑ ..ඒත් මම කැමති නෑ දෙනුවන් අයියා මම නිසා ප්‍රශ්න දාගන්නවට.
හිරුකට වුනත් හිතෙන්න බැරි නෑ මම උගේ තාත්තා වගේම අයියවත් උදුර ගත්තා කියලා ..
ඒකෙන් මේකෙන් මොනා හිතා ගන්නත් කලින් මේ ගෙයින් අයින් වෙන එක මට ඇගට ගුණයි...

අම්මා ගියා ගියාමයි දවස් තුනක් වෙලාවත් කෝල් එකක්වත් ගත්තේ නෑ ..
මාලි නැන්දට නම් කතා කරල තිබුනා.
මම හිතුව හරි ආච්චි අම්මලගෙ ගෙදර තමයි ගිහින් තියෙන්නෙ...
ඔහෙටම වෙලා ඉන්නවනම් ඒකත් එකක්.
අම්මට තියෙන්නේ කේන්තියකට වඩා ලැජ්ජාවක්.
මොන මගුලක් වෙලා හරි හැදෙන්න හිතෙනවා නම් හොදයි.
කරුමය කියන්නේ මොන දේ වුනත් අම්මා කවදාවත් එයා වැරදි කියල පිලිගන්නෑ ..

අලුත් අවුරුද්දට තව තියෙන්නෙ දවස් අටයි.
මේ දවස්වල මිනිස්සුන්ට හෙනට වැඩ රාජකාරි...
එහෙම නැතුව කොහොමද
අලුත් අවුරුද්දක් එන්නෙ අවුරුද්දටම එක සැරයයි.
පොඩි එවුන්ට හිතේ හැටියට කැවිලි ජාති වලින් කට පුරෝගන්න ..
අපාය වගේ තීන ගෙවල් වල අහු මුලු අස් වෙලා තීන්ත පාරක් වැදෙන්න ..
ටවුමෙ ඉන්න පුත්තුන්ට මහගෙදර
මතක් වෙන්න ...
පරණ තරහ මරහ අමතක කරල කැවිලි පිගානකින් බැදීම් අලුත් කරන්න...
මේ හැමදේම කරන්න අවුරුද්දක් එන්නෙ එක සැරයයි මුලු අවුරුද්දටම...
ඉතින් මිනිසුන්ට වැඩ රාජකාරි වැඩි වෙන එක අහන්නත් දෙයක් ද ...?

නිදුක් Where stories live. Discover now