episode 23

1.4K 185 22
                                    

" උබට හෙණ ගහලද කෝල් එකක්වත් අරගන්න බැරි..?
මම ම ගන්න ඕන ..අනේ මෙහෙමත් පව්කාරයෙක් මම වැදුවනෙ..."

" ඇයි ගත්තේ..?"

" ඇයි දැන් මට උබට කතා කරන්නත් බැරිද..? අවුරුද්දක් පහු වුනා කියල නිකමට කෝල් එකක් අරන් හොයල බැලුවද ..?
අනේ අම්මෙ කාලදවත් ඉන්නේ කියලා ඇහුවද තෝ .
ඔහෙට රිංගගෙන මොන මොන අසික්කිත වැඩ කරනවද දන්නෑ.."

" මං මේක අස්සේ ගෑනු දාගෙන නෑනේ .අම්මගේ අර යාලුවා ඉන්නෙ අල්ලපු වැටේ ගිහින් අහගන්න එකයි ඇත්තේ මම කරන අසික්කිත වැඩ මොනවද කියලා.."

" අනේ උබේ කටට හොදක් වෙන්නෙපා .ඒ අසරණ ගෑනී නේද තෝ මැරිලද කියල හරි බලන්න ඉන්නෙ . මට ආරංචි මට ආරංචි තෝ අර ශුද්ධ සිංහල හෝඩියෙන්ම මට වේස පද කියපු එකාවත් ගේ අස්සෙ දාගෙන ජයට අවුරුදු සැමරුවලුනෙ...
තොට හොදක් වෙන්නෑ වේස බල්ලා මට දෙන ගින්දර වලට ..."

" ඉතින් ඒකා මගේ කවුරුත් නෙවෙයි තමුන්ගෙ හොර මිනිහගෙ පුතණ්ඩියා නේ .
ඇරත් දන්නවනෙ ඒකගෙ අයියා මෙහෙ නැවතිලා ඉන්නව කියලා. මොකද මට උන්ව දොට්ට ඇදලා දාන්න බෑ කියලත් හොදාකාරවම දන්නවනෙ. ඒක ඉතින් තමුන්ම තමුන්ගෙ හොර මිනිහට කියන එකයි ඇත්තේ ..."

" උබ ඔය කාගේ රැස් අරන් ද මට කතා කරන්නෙ .ආ උබ ඔය අම්මට කතා කරන විදිහද..නොදකින් කාලකන්නියා මේ අවුරුද්දත් පාලු කරල දැම්මා මූසලයා.
මහ මූසලයා වගේම යි .ඒකගේ ජරා ලේ නේ ඇගේ දුවන්නේ .."

" දැන් ඇයි කියනවද මට ගත්තේ ..
ඔය ටික කියන්න නම් ගත්තේ පෝන් එක තියන්න ..."

" මට සල්ලි ටිකක් එවපන්.."

" ඉතින් මම ලග කොහෙන්ද සල්ලි. මම මෙහෙ රස්සාවක් කරනවැ. බාප්පගෙන් ඉල්ල ගන්න..."

" ඇයි උබ පොත්වල දාගෙන ඔය ගොඩ ගහන් තියෙන්නෙ. මට අර මනුස්සයට ම බරක් වෙන්න පුලුවනැ..
තෝ ඔය සිහියෙන් ද කතා කරන්නේ .ඇයි මොකො ඔය කීයක් හරි දුන්නා කියල තොට හැදී ගෑවිලා යන්නෑනේ.."

" හරි දැන් කීයක් ද ඕනේ .."

" දහදාහක් දාපන් මගේ බෑන්ක් එකවුන්ට් එකට .."

" එච්චර සල්ලි මොන එහෙකටද ..
මම ඕන නම් හත්දාහක් දාන්නම්.
මොකද මට පන්ති පීස් ගෙවන්න කවුරුත් දෙන්නෑනේ ..."

නිදුක් Unde poveștirile trăiesc. Descoperă acum