episode 28

1.3K 187 43
                                    

ඕනම ගෑනියෙක් ට මිනිහෙක් ට ජීවිතෙ එකපාරක් හරි දැනිලා තියෙන්න ඕන අහඹු ප්‍රකාශ වුන ආදරයක හැගීම්...
මිනිසුන්ට ආදරෙයි කියන්න පරක්කු වෙන්න එපා .කවදාවත්ම පරක්කු වෙන්න එපා .
ලැබුනා නොලැබුනා හෝ ආදරෙයි කියන්න.ඒකම හිතට සැනසීමක්.

ඒත් තව දෙයක්...
ඔයාගේ හිතේ කෙනෙක් ට කිසිම ආදරයක් නැති නම් ඒකත් කියන්න පරක්කු වෙන්න එපා. ඔයා ඒක කියන්න කල් ගන්න ගන්න අනිත් පාර්ශ්වය හීන ලෝකයක් ගොඩ නගන්න සිතියම් හදනවා වෙන්න බැරි නෑ ..

ඉතින් ආදරෙයි නම් ආදරේ කියන්න.
ආදරේ නැත්නම් ඒකත් කියන්න.

________________________________

මුලු රෑම කල්පනා කර කර වෙනකොටත් මම ඉදියේ නිදි වර්ජිතව ..
මං එයාට ආදරේ නැත්තෙම නෑ ..
ඒත් ආදරේත් නෑ ..
මොකක් හරි මගුලක්..
මගෙන් ඇහුවේ නෑනේ .කිව්වා විතරනෙ ..

මං ඇහරිලා ඉදියට බොරුවට නිදි වගේ ඉදියා .  පුරුද්දට වගේ මුලින්ම නැගිටන කෙනා අනිත් කෙනාටත් එක්ක තේ හදන්න ඕන නීතීයට අනුව එදත් තේ එකත් එක්ක පුරුදු අඩි සද්දය කාමරය ලඟ ලඟම ඇහුනා ..
මගේ පපුව කවදාවත් නැතුව හයියෙන් හුස්ම ගන්නවා ..

තේ කෝප්පය මේසය උඩින් තියලා පිරීසීයෙන් වහන සද්දය ඇහුනා .
ඇදට උඩින් තිබුන ජනේලේ අගූල සුපුරුදු විදිහට කරකැවුනා...
ඉර එලියට ආවඩන්න පාවඩයක් එලුවා වගේ ජනෙල් රෙදිත් දෙපැත්තකට වුනා ..
මගේ මූණට ඉර එලියේ රස්නය දැනුනා .
ඒ හැමදේම පුරුදු දේවල්..
ඒත් නුපුරුදු විදිහට ඒ අඩි සද්දය කාමරෙන් එලියට යනවා ඇහුනා ..
නෑ නෑ එහෙම වෙන්න බෑ ..
වෙනදට දෙනුවන් අයියා ඇදේ පැත්තකින් වාඩි වෙනවා .
මං ඇත්තටම නිදිද කියල බලන්න විනාඩි පහක් එකදිගට මගේ මූණට එබිලා බලන් ඉන්නවා.
ඒ ටෙස්ට් එකෙනුත් මම අති විශිෂ්ඨ විදිහට පාස් වුනහම මගේ කොණ්ඩෙ ටිකක් අවුස්සනවා.
ඊටපස්සේ ඇගට හෙමින් තට්ටුවක් දානවා ..
නෑ නෑ එකපාරට ඇහරෙන්න හොද නෑ නිදි වගේ ඉන්නවා. තව පාරක් තට්ටුවක් දානවා .ම්හුම් නෑ නෑ මං තාම නිදි ..

" නැගිටපිය මෙතන හොරා වගේ බොරු වට නිදි ..."

ඒ පාර නම් හයියෙන් පාරවල් දෙක තුනක් පස්ස පැත්තට වැදෙනකොට මාව උඩගැස්සිලා ඇහරෙන්නේ..

නිදුක් Where stories live. Discover now