episode 13

1.8K 221 21
                                    

මල් කිණිත්තක පුරාවෘත්තය
forgot me not ....

හුග කාලෙකට පස්සෙ උනත් ඒ පොතේ මුල් පිටු ටික කියවද්දී පවා මගේ හදවතේ උඩින්ම අරක් ගත්ත මගේ ප්‍රථම ආදර ආත්මය හිත ඇතුලේ
ඉදන් ම හුස්ම ගන්නව.

" පස්වෙනි සෘතුවට නමක් නෑ අනේ
ඒකේ තියෙන්නෙ අපිට අමතක උනු දේවල්. අමතක උනු හැම එකක් ම.ඔයාගේ පෙම්වතාගෙ සුවදත් එහෙ ඇති ..."

සමහර විට දෙනුවන් අයියගෙ ජීවීතේ තියෙන පස්වෙනි සෘතුවෙ මමත් ඇති .
මම ගොඩක් වෙලාවට එහෙම හිතිලා හිත හදා ගන්නවා

හැබැයි ඒ සෘතුවේ තියෙන්න ඕන අමතක උනු දේවල් ...අමතක කරපු දේවල් තියෙන සෘතුවක්  ගැන මට නිච්චියක් නෑ ..
මගේ නමෙ තේරුම ම උනේ දුකක් නෑ කියන එක. ඒත් පරිසමාප්ත අර්ථයෙන්ම මට නිදුක් ජීවිතයක් ගැන අංශු මාත්‍රයක් හරි දැනුනා නම් ඒ දෙනුවන් අයියා ලග විතරමයි. ඒත් දෙනුවන් අයියට තිබුනේ නිදුක් ජීවිතයක්. සමහර විට මම නිසා ඒක අනිත් පැත්ත වුනු බව නම් සැකයක් නෑ

______________________________________

මාත් එක්ක බද්ධ වෙලා තිබුනේ හරි පුංචි දේවල්. කොහොමත් පොඩි කාලෙ
ඉදන්ම මම මහලොකු දේවල් එක්ක ගැටෙන්න බය උනා ...
මම මහ අමුතු මනුස්සයෙක්..
තමන්ගේ අත් දෙකෙන් විසි කරපු මල් ඇටයක් පැල වෙලා දාන දල්ලක් දල්ලක් ගානේ පිපෙන මලක් ගානේ මුලු හිතම
සතුටෙන් පුරෝ ගත්ත කොලු ගැටයෙක්.
ලේසියෙන් මලක් නොපිපෙන දල්ලක් නොඑන පතොක් පැලවලත් මල් පිපෙන කල් බලන් ඉදපු ඉඩෝර වැසියෙක්..
උදේට ජනේලෙන් පෙරිලා එන හිරු එලියෙන් ආත්මය ම උණුසුමින් වැලද ගන්න සීතල හුලග එක්ක ප්‍රේමයෙන් වෙලෙන,  එහාට මෙහාට කරක් ගහන කුරුලන්ගෙ ඕපදූප වලට කන් දීගෙන ඉන්න මේ ලෝකයෙන් වෙනම ලෝකයක ගිලුනු කොලු ගැටයෙක්..
මේ දේවල් ගැන කියන්න මම හැර වෙන කවුරුත් නෑ ...

මගේ ලෝකය ගොඩක් විශාලයි.
හැබැයි මම ජීවත් උනේ චූටී ඉඩක..
මගේ දවස් ගෙවුනේ ඒකාකාරී ව .
ඒත් මම දවස ගානේ මොනවහරි ඉගෙන ගත්තා.
මගේ ජීවිතේ හරි හෙමින් සිද්ධ වුනු
මහ විපර්යාස වල එකතුවක්..

උදේ පාන්දර හතරේ එලාම් එකට
පැය පහකටවත් වඩා අඩුවෙන් නිදා ගත්ත මම කීකරු ව නැගිටිනවා...
පහල කුඹුක් ගහ ලග සීතල නිල් කැටියට තීන ලිඳෙන් පොම්ප කරන අයිස් කැට වතුර හැම ඈලී මෑලී ගතියක් ම ගහල පන්නනවා...
රෑ ඉදන් වැඩ කරන රේඩීයෝ එකෙ හය වෙනකන් ම යන පිරිත් සද්දෙත් එක්ක
එහෙමටත් දවසක පාන්දර ජාමේ කෑ ගහන උලමෙක් ගෙ බකමූණෙක්ගෙ මූසල සද්ද වලට මගේ හිත ගැස්සෙන ප්‍රමාණය සෑහෙන ප්‍රතිශතයකින් අඩු වෙනවා...

නිදුක් Where stories live. Discover now