episode 14

1.7K 232 92
                                    

අද පන්ති තිබුනෙත් ඉස්කෝලෙ ට ටිකක් එහායින් බස් එකෙ රුපියල් පණහක දුර ..
දෙනුවන් අයියගෙ ගෙවල් තිබුනෙත් ඒ ලගපාතක.මම හරියටම දන්නෑ සමීරයයි චතුරයයි කියපු ඒවයින් තමයි දන්නෙ..
සමීර බයෝ එකේම වුනාට චතුර ටෙක් එකෙ. සමීර කලින් මේ පන්ති ආවා
ඌ පස්සෙ එකදිගට සති තුනක් ම නෑවීත් පන්තියේ නම කැපුවම වෙන එහෙකට යනව දැන්..
ඒක නිසා මම ඉතින් මගේ සුපුරුදු තනීකමෙ යනවා..

" සිනර්ජි එකට හැරෙන තැනට බන් අර මෙහායින් ඔරලෝසු කණුව පැත්තට යන පාරේ මුලින්ම හම්බ වෙන ලී බඩු සාප්පුව ඊටපස්සේ ඒ ලේන් එකේම එහායින් තියෙන hotel එකයි studio  එකයි ඔය මුණසිංහයගෙ.
        හැබැයි බන් ඌ කඩ නොකෙරුවට ටවුමෙ බාගයක් ම බිල්ඩින් ඌ කුලියට දීලා තියෙන්නෙ...
පට්ට සල්ලියක් ඉතින් එනව මාසෙකට .."

" ආයෙත් අහලා අපේ ලොකු අම්මා කරන සැලෝන් එක තීන කෑල්ලටම මාසෙකට කුලිය 85 000 ක් බන්.."

බලන් යද්දී හිරුකයා ලොකු ගෑස් ලයින් දාන එකෙ පුදුමයක් නෑ .
රාජ කුමාරයා වගේ ඉන්නවනෙ..
දෙනුවන් අයියා සමහර දවස් වලට මේ
පැත්තේ එනවා. මම පන්ති යනකොට දැකල තියෙනව ස්ටුඩියෝ එකෙ ඉන්නවා ..ස්ටුඩියෝවෙ ඉන්නෙත් අයියා කෙනෙක්. මම හිතන්නෙ දෙනුවන් අයියගෙ යාලුවෙක් ද කොහෙද ..
මම නම් දෙනුවන් අයියා කොහේ දැක්කත් හිනා වෙලා සැලියුට් එකක් ගහනවා.
ඌ නම් එහෙම නෑ ඔහෙ ඉන්නවා ගල් බමුණා වගේ මෙලෝ හැගීමක් නෑ ඕකගෙ මූණේ ..
මූකලන් බස්සෝ ඊට වඩා හොදට ඉන්නවා.

මට අද හිතට හරි නෑ අප්පා ..
මම දන්නවා යුරේශා කියන්නෙ මුලු ගමකින් ම අපවාද අහපු පොඩි කෙල්ලෙක්.
ඒත් ඔය අපවාද කියපු දෙස් දෙවොල් නගපු එක ගෑනියෙක්වත් ගෑනූ බාගයක් වුන පිරිමියෙක්වත් ඒකීට කන්න බොන්න තීනවද අම්මා අප්පා නැතුව ඒකී කොහොම
හැදුනද කියල හෙව්වේ නෑනේ ..
ඇරත් දැන් ඒකී හොදින් ඉන්නවනෙ .
මට යුරේශව එහෙම එකපාරකට
අතෑරලා දාන්නත් බෑ .
අනික එහෙම අතෑරල දාන්න මට හේතුවක් නෑනේ .ඒකී මට අනවශ්‍ය විදිහට කරදරයක් වුනේ නෑනේ .

බස් එකෙ එද්දි ත් බාගයක් දුර ජනේලෙට ඔලුව ගහන් ඉදියා. නින්ද යාගෙන ආවත් නින්ද කැඩෙනව බස් එකට නගින කවුරුමහරි බෑග් එකක් දානවා . එපා කියන්නත් බෑනේ ...
මම ඉතුරු දුර ජනේලෙන් එලිය ලෝකය දිහා මහ පාලු හිස් හැගීමකින් බලන් ඉදියා.

නිදුක් Where stories live. Discover now