episode 08

2K 248 50
                                    

දෙනුවන් අයියා මම ලගින් ගියේ කවදාවත් කතා නොකරපු බිදුනු හඩකින් අන්තිමට මේ දේවල් හිරුකට කියන්න එපා කියලා...
කේන්තියෙන් කෑ ගැහුවට මොකද මම පෑනත් ඇගිලි අස්සෙන් වටෙන් දදා කරකව කරකව කල්පනා කරේ
ඇයි මම එහෙම කිව්වේ කියලා..
කියපු වචන මට ආයෙත් ගන්න බෑනේ .
මම හැමදාම වගේ පසුතැවිලි උනේ ඒ වැරැද්ද හැමදාම මගෙන් වෙන නිසා
හරි නම් ඌ මගෙ කොලර් එකෙන් තවත් හයියෙන් ඇදල කෑ ගහන්න ඕන .
එහෙමත් නැත්නම් ගෙයින් යන්න කියන්න ඕන. ඒ ඒකා කරේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
සමහර විට මට වගේ ඌටත් කතාවක් ඇති කවුරුත් නොහිතන ..හිරුකයට උනත් සල්ලි අහුරු තිබුනත් ඒවා වලින් විසදුම් නොලැබෙන ප්‍රශ්න ඇති .කවදාවත් නැතුව මට ඌ ගැන අනුකම්පා කියලා හිතුනා .
මොකද මගේ ජීවිතේ තව ලමයෙක්ට තිබුනොත් එයත් මම විදිහට හැසිරෙන්නෑ. සමහර විට දඩබ්බර වෙනවා. මැරයෝ වෙනවා. අපි හැමෝම එක වගේ නෑනේ
අපිට නොපෙනෙන තිරය පිටුපස කතා ගොඩක් දුරට වැලලෙනවා.
මේකත් එහෙම එකක් වෙන්නැති. ඒත් මට වෙන කාගෙවත් හිත් ඇතුලේ පුළුස්සන කුණු රොඩු අවුස්සන්න උවමනා නෑ .. මොකද මගේ හිතේ තීන කුණු කන්ද හැමදාම වගේ හැම තත්පරයක් ගානේම ඇවිලෙන හන්දා
මටත් කේන්ති ගියේ දෙනුවන් අයියා මම හීනෙකින්වත් නොහිතන මගුල් ගැන කියවන්න ගත්තම. යුරේශා බඩුවක් කෑල්ලක් බැරි නම් ඕන එකියක් වුනත් මට මොකො .මම ඒකීව කරගහන්න යන්නෑනෙ. ඊටත් වඩා කිසිම මනුස්සයෙක් ට ඔහොම චෝදනා කරන්න බෑනේ. අනික ඒකගෙ ආදරණීය සදාදරණීය බාල සොහොයුරාගේ දෙකයි පණහේ කැරි වැඩ නිසා තව ටිකෙන් මම අර ගබඩා කාමරේ මැරෙනවා.
මූ ඒවා දන්නෙ නෑ වෙන වෙන ඒවා නම් ඇහෙන් දැක්කා වගේ කියවනවා.
අනික ඇදයක් කුදයක් කිව්වට කමක් නෑ තමන්ගේ ඡාතකේ පත්තිනි අතින් ලියවිලා තිබුන නම්. කොහොමත් අනුන්ගෙ රෙදිවල තුත්තිරි ගැන හෙව්වට තමන්ගේ රෙද්දේ තුත්තිරි ඇලෙනකල් උන් දන්නෙත් නෑ උන් හොයල බලන්නෙත් නෑ.
අදත් මේ යකා මගෙ මුලු mood එකම කෑවා .interval එකට ගිහින් sorry කියන්න හිතුනත් මම දන්නෑ ඇයි
මම සමාව ගන්නෙ කියලා.
ඇරත් මොකටද මම විතරක් සමාව ගන්නෙ . මෙච්චර කාලෙකට මට උනු එක දේකටවත් උන් සමාව අරන් නෑනේ .

නිදුක් Where stories live. Discover now