episode 20

1.6K 199 21
                                    

හෙමින් අතගා මතක පිරිමැද
සිහිනයෙන් සිඹිමි.
එවන් මොහොතක ඔබෙ සුවද ම
ළග ළගම විඳිමි
එක්ව ආ දුර මතක
කන්දම තනිව සිහි කරමි
නුඹ එක්ක මම උන්නු මතකෙට  
ජීවිතය කියමි
                - copid

මතක වැඩිපුරම රහ ඒවයේ අයිතිකාරයා ලග නැති වෙනකොටලු.
රත්තරන් මට උබව මතක් වෙනවා මේ දැනුත්. ගන්න ගන්න පාරටම cancel වෙලා තිබුනු උබේ සිම් එකෙ නම්බර් එක පෙනෙද්දි මට හැමපාරම හිතෙනව ඒ කටහඩ දැන් ඇහෙයි දැන් ඇහෙයි කියලා.
මම පිස්සෙක් වගේ උබගෙ සුවද ඉඹිනව ඒ උබවත් නො දැන මම උබෙන් හොරා ගත්ත ටීශර්ට් එක තුරුලු කරන්..
දැන් ඒක මිරිකන්න තරමට කදුලු පෙගිලා මගේ දෙනූ....

කොච්චර කොහොම එදා බැන්නත් කේන්ති ගත්තත් උබ මගේ ගෙදරට පය ගහපු තත්පරයේ ඉදන් උබ ඒ ගෙදරින් ගිය තත්පරය වෙනකන් ම මම ජීවත් වුනා .
ඇත්තටම මම ජීවත් වුනා ..
ඒ උබට පින් සිද්ධ වෙන්න.
මට ශාප කරන්න එපා සුදූ. මට වෙන කරන්න දෙයක් තිබුන්නෑ ...
එක අතකට උබ මට ශාප කරත් කමක් නෑ මට නැති කෙනෙක් මවාගෙන ශාප කරාට වැඩක් වෙන්නෑ ..
මොකද මම මැරිලා යනකන් ම මෙහෙම ම අඩ අඩ පොලොවේ පස් කාලා හරි උබ මත්තේ නැහෙනව. දවසක උබව හම්බ වුනොත් කකුල් ලග වැද වැටිලා හරි තව එක අවස්ථාවක් ඉල්ලනව. ඒ ලැබුනේ නැතත් මම තනියම ඉන්නවා..

____________________________________

මම මුණසිංහ ගියහම කේතලය රත් කරල තේ කහට උගුරක් සීනී ටිකක් අල්ලට දාන් කාලා බීලා ගෙදර ඉස්තෝප්පුවත් එක්කම අල්ලල පිටින් තිබුන කාමරය අස් කරන්න ගත්තා..
ඒක එලියෙන් තිබුනට ගේ ඇතුලෙන් යන්න දොරක් තියෙනවා. ගේ ඇතුලේ ඊලග කාමරය අම්මගේ ඊටපස්සේ එක මගේ. ඉතින් ඕක තමයි දෙන්න තියෙන්නෙ. ලොකුවට අස් කරන්න දෙයක් නෑ හැමදාම අතු ගාලා එහෙම තියෙනවනෙ.
ඒ වුනාට මම ඒ කාමරේට දාලා තිබුන ඔය පරණ බඩු මුට්ටු ඔක්කොමත් අයින් කරල බිමත් මොප් කරල ඇදට අලුත් බෙඩ් ෂීට් එකක් දාලා කොට්ට උරත් මාරු කරල කාමරේ සුවද හදුන් කූරක් පත්තු කරා ...

වැඩ නැතුවට වැඩ මුන් හන්දා..
දැන් හිච්චි කෝලම ඇවිල්ලා කුමාරිහාමි වගේ ඉදියොත් තමයි මට නැති යක්කු වැහෙන්නෙ..
රෙදි ඔක්කොම හෝද ගන්න එහෙම දන්නවද දන්නෙත් නෑ .උයන එක නම් කමක් නෑ කියමුකෝ කොහොමත් මම කලූටත් එක්කත් උයන එකනෙ...
හැබැයි පොල් ටිකක් ගාලා ලූණු ටිකක් සුද්ධ කරල දුන්නොත් නම් රහට කෑම ටිකක් හදල දෙන්න බැරි කමක් නෑ ..
හැබැයි ඉතින් බත් එකත් ලගට ගෙනත් දෙන තරමට බබා වුනොත් නම් හොදි පිණි වලට ලුණු ගොරක මදි වෙන්න බැරි කමක් නෑ. ඇද කුද කියවගෙන ආවොත් කඩයක් හොයා ගන්න කියනව ..

නිදුක් Where stories live. Discover now