episode 07

1.9K 261 47
                                    

මේ ලංකාවේ ප්‍රේමයට ප්‍රසිද්ධ නගර කොච්චරක් කියල තියෙනවද ...
අංක එකටම තියෙන්නෙ ඉතින් නුවර .
මමත් නුවරට පට්ට ආසයි. තාම එකපාරක් වත් ගිහින් නෑ ..
ඕවයේ යන්න සල්ලි එපැයි ..
මම ඒ අඩුපාඩුව පිරිමහ ගන්නේ කලුතර ට ඇවිත්..

කලුතර කියන්නෙම ප්‍රේමයක් ...

පැත්තකින් හෝ ගගා ගලන මහ මුහුද
තවත් පැත්තකින් කලු ගග
කලු ගග අභියස තියන කලුතර බෝධිය ...
මේ හැමදේම එකතු උන ටවුම ඇවිද්දත් හිත නිවෙනවා..

සමහර දාට මම හිත නිවා ගත්තේ පන්ති ඇරිලා කලුතර බෝධි ගිහින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සමහර දාට මම හිත නිවා ගත්තේ පන්ති ඇරිලා කලුතර බෝධි ගිහින්.
අතේ ගාණක් තිබුනොත් පුලුවන් විදිහට නෙලුම් මලක් අරන් කලුතර බෝධියේ උඩ මලුවට ගිහින් පූජා කරලා
පැත්තකින් එන කලු ගගේ සීතල හුලං පාරට තාලෙට හෙලවෙන බෝ පත් එක්ක මම වරු ගණන් එකදිගට ඔහේ බෝ මලුවේ පැත්තකට වෙලා වාඩි වෙලා උන්නා ..
පුදුමාකාර විදිහට හිත් නිවන වේදනානාශකයක් එතන තිබුනා...
මම අදත් පන්ති ගිහින් ඉවර වෙලා බෝධි යන්න හිතන් ඉදියේ මේ ටිකේම මගේ ඔලුවේ ප්‍රශ්න කදු ගණන් ගොඩගැහුනු හින්දා ..
මට හිත නිදහස් කරගන්න ඕන ..
මට බෝධි හාමුදුරුවෝ ගාව වැද වැටිලා මුකුත් ඉල්ලන්න උවමනාවක් නෑ ..
ඒත් මේ වෙලාවේ මාව පිලිගන්නේ මේ ලෝකේ එකම කෙනයි.
ඒ මගේ හෘද සාක්ෂියයි මගේ ඉරණමේ තියන කර්මයයි විතරයි 

ඉතින් මට වැද වැටිලා කියන්න ඕන උනා අඩ අඩා හරි උතුම් බෝධි හාමුදුරුවන්ට
මම වැරදි නැහැයි කියන්න
මම කාලකන්නියෙක් නෙවෙයි කියන්න.
මට එහෙ ම කියලා හිත නිදහස් කරන්න ඕන උනත් පන්තියෙන් බාගෙට මැරිලා වගේ එලියට ආවහම දැක්කේ මුලු අහස ම වහගෙන පතාක කලු වලාවක්.
ඒ ගමන් මගේ අත ගියේ බෑග් එකට .
කුඩේ ගෙනල්ලත් නෑ .ඕකට තෙමෙන්නත් බෑ .ඊටපස්සේ ඔලුව කැක්කුම අල්ලයි.
ඉතින් මම පඩුරක් දාලා වැදලා  එන්න ආවා ..
බඩත්ගිනි වගේ නිසා මම කඩ පේලිය පැත්තට ගිහින් මුස්ලිම් පොඩි කඩයකින් සමෝසා රුපියල් සීයක ගත්තා .වතුර නම් බෑග් එකෙ ඇති බෝතලයක්. උණු උණු සමෝසා නිසා කටට කෙලත් උනනවා..
මම ඒකත් අරන් ආයෙත් station එකට ආවා . පන්ති එන්නෙ බස් එකෙ උනාට මම යන්නෙ කෝච්චියේ.
කෝච්චියෙ ගාණ අඩුයි. මට බාගයක් දුරට බස් එකෙ යන්න වුනාට .
මම පන්ති එන්නෙත් කෝච්චියෙ කියල හිතුවට ඒ වෙලාවට සෙනග වැඩි school time එකනෙ. ඇරත් මම බස් එකෙ වගේ නෙවෙයි කෝච්චියේ එල්ලිලා යන්න බයයි.
මේ වෙලාවට කලුතර station එකෙන් අලුත්ගම යන කෝච්චියේ සීට් තියෙනවා. මම ස්ටේෂන් එකට එන්න එනකොට ආයෙමත් පොඩි පැල කඩයක් ලග ඉබේම කකුල් නතර උනා ..
එක එක ජාතියේ පාට මල් පෑල අතර මගේ ඇහැ ගියේ  ඒ වෙනකොට මලක් නොපිපුන පොඩි පෝච්චි වල ඉන්දපු පැල ටිකකට.
ඒ පතොක්...

නිදුක් Where stories live. Discover now