10

754 101 19
                                    

බයික් එකේ රෝදෙට පින් සිද්ධ වෙන්න මම බෙල් කරනකන් සිසී එක්ක හිටියා. මේ නදිව් කාරයා කිව්වේ මං ගැන තමා.ඔබ නොදනී මුළු ලොවම දනී ලව් සීන් එකේ ඉන්න සිසී තවම හිතාගෙන ඉන්නෙ මේ මගෙ සහෝදර පෙම කියලා.ඔහෙ හිතපු දෙන්..

ලංකාවෙම ඒ ලෙවල් අලුත් පන්ති අද පටන් ගත්ත නිසා කට්ටි පැනපුවා ඉවරයි.දැන් ඉදලා බොක්කෙන්ම හෙඩ් ප්‍රිෆෙක්ට්ව ආරූඩ කරගන්න වෙනවා.

"චෙනෙත්, ප්‍රින්සිපල් සර් එන්න කිව්වා" වෙන පන්තියක ළමයෙක් කිව්වේ මම මෝනින් මීටින් ඉවර වෙලා පන්තියට යන්න යනකොට.ඒ පාර මොන මරාලයක්ද දන් නෑ.

"sir ,may I come in ."

"yes putha. directly move into the topic. I heard that. you are awesome. I'm proud of your work process."

"Ah thank you sir"

"but we need a leader for the camp . and in my circle your are the best.මට මෙතනත් ඉන්න හොඳම ගෝලය ඔයා පුතා."

මම හිනා වුණා. බුදු සර් මට බෑ. මේ තියෙන ඒව කරගන්න බැරුව ඉන්නකොට අහවල් එකක් කියනවා.

"..අපි ඡන්දයක් තියමු. ඕනෙම කෙනෙක් ට ලීඩ කෙනෙක් රෙකමන්ඩ් කරන්න කියල.ඒක බලලා තෝරගමු."

"හරි සර්"

"දැන් හෙට ඔයාලා ඒක තියන්න යන්න ඕනෙ.හෙට හවස් වෙනකොට මට ලීඩ කෙනෙක් ඕනේ."

යකො.පිස්සුද බොල

"හරි සර්"

"ඕකෙ පුතා.ඔයා යන්න"

ප්‍රෝඪාව මගෙ. බොරුවට ගරු කරල ආවා එන්න. එනකොට ප්‍රිෆෙක්ට්ස් ල ප්‍රිෆෙක්ට් රූම් එක අස්සේ. ඒ ඇයි..

"අනිත් අයගෙ විනය බලන්න ඔයාල හැදිලා ඉන්න ඕනෙ නැද්ද" මට ඇහුනේ හිදුවගෙ කටහඩ.

"මොකෝ.." හිදුවා කතා කරන අස්සෙන් ගිහින් මම ශෙහාන්ගෙන් හෙමින් ඇහුවා.මුන් දෙන්නගෙම මූණු හෙන සීරියස්.

"අල්ලපු වැට එක්ක වලියක් දාගෙන කෙල්ලෙක්ට"

"ඊය හලො.. ඒකෙ කෙල්ලෙක් දාගන්න ලැජ්ජා නැද්ද" හිදුවගෙ සීරියස් කතාව නතර උන ගමන් මම ඇහුවා.

"නෑ ..චෙනෙත්.. මම නිසා රණ්ඩුව ආවෙ. මම දන් නෑ කෙල්ල කව්ද කියලවත්. මොකෙද්දෝ කොල්ලෙක් ඇවිත් මගෙ කොලර් එකෙන් උස්සලා කිව්වා එයාගෙ කෙල්ලට බැල්ම දාන්න එපාලු."

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now