45

505 69 18
                                    

සැප්තැම්බර් පටන් ගන්නකොටම මගෙ ඇස් ඔපරේට් කරන්න කොළඹ යන්න වුණා.  ස'ජරි එක කරන්නෙ නවලෝකෙ. ඒත් සති දෙකක් විතර කොළඹ ඉන්න වෙනවා. අම්මටයි අප්පච්චිටයි සති දෙකක්ම එහෙට වෙලා ඉන්න බැරි නිසා මිහිදුම් එක්ක මං නතර වුනේ අපෙ චූටි අත්තම්මගෙ ගෙදර . චූටි අත්තම්ම කියන්නේ දන්නැද්ද අර පොඩි උන්ටත් මාමා නැන්ද කියන්න වෙන පවුල් ප්‍රශ්නයක්.නැතුව එයාගෙ දුව මේ පාර ඕ ලෙවල්.

අම්මලා මුල්ම දවසෙ ගිහින් මගෙ ඇස් චෙක් කරලා ස්කෑන් කරලා මුල් වැඩ ටික කරනකල්ම හිටියා. පස්සෙ මට කණ්නාඩි දුන්න සතියක් දාන්න කියලා. එයාලා චෙක් කරපු ඒවගෙ රිපෝට්ස් ටිකත් අරගෙන අපි අත්තම්මගෙ ගෙදරට ඇවිත් රෑට කාලම තමා අම්මා එහෙම නුවර එන්න පිටත් වුනේ.

" යන්ද රවුමක් .ලොකු අත්තා අද රෑ එන එකක් නෑ."

"ඔහෙ ගිහින් එමු අත්තම්ම එහෙනම්."

"ඉන්න මං කී එක අරගෙන එන්නම් ."

මේක කොළඹ . මං කාලයක් හිතුවේ කොළඹ උන් හෙන පඩි, හයි ක්ලාස් කියලා. නෑ  නෑ. උන් නෙවෙයි ගමේ උන් තමා හයි ක්ලාස්...මෙහෙ නිදහසක් තියේ.. අපි මේ නුවර ටවුන් එකේ ඉන්න නිසා ගෙදරට අදින බොටමට බාටා දාගෙන හරි ටවුන් එකට එනව වුනාට අවුරුදු කාලෙට ගමේ ගොඩේ උන් ඇඳුම් ගන්න නුවර එන හැටි බලන්න එපෙයි... හිතාන ඇති සින්ඩරෙල්ලා  කියලා... මම බනිනවා නෙවෙයි..ඒත් බන් අනේ මන්දා .. මට වැඩක් නෑ.ඕකුන් අවදානේ ගන්න නහින නැහිල්ල දැක්කම කටෙන් හිනා වෙලා මදි.

අත්තම්මයි නංගියි අපි දෙන්නයි සදා අමරණීය ගෝල්ෆේස් එකට ආවා. අත්තම්මා අපිව එතන දාලා ෆුඩ් සිටි එකට ගියා.

"අයියලා  දැන් කැම්පස් ගියොත් පේරාදෙනියෙද යන්නේ"

"අහුවුනොත් එහෙ හොදයි අප්පා. ඇයි ආසද එන්න"

"නුවර හොඳයි අනේ නෑදෑයො වැඩි අප්පා.නිදහසක් නැත්තෙම නැතිවෙලා යයි වගේ"

"මෙහෙමයි..ඒක ඇත්ත. ගනන් ගන්න එපා...  කොහොම හිටියත් කියන දේ කියනවා ඒයි"

"ඔව් නේ..මෙහෙ එහෙම අර ඇඳුම් වලට එහෙම අනන් මනන් කියන්නෙ නෑ.. හැබැයි දැලේ දාගන්න බලන අය ඉන්නේ. ඉස්කෝලේ කොල්ලොම කියන්න බෑ .ඒක සාමාන්‍ය එකක් අනේ මගෙ පැත්තෙන් නම් "

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now