සසර ගනුදෙනු

25 4 0
                                    

පොත් පරණ වෙනකොට පිටු කෝපි පාට ගැහෙනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පොත් පරණ වෙනකොට
පිටු කෝපි පාට ගැහෙනව ..
සමහරක් පොත් වල පිටු දෙක
තුන ඉරෙනව...

සමහරක් පොත් ස්පර්ෂ නැතුවම
වයසට යනවා ...
පුස්තකාලෙක උඩම රාක්කෙක
දූවීලී එක්ක උන් පෙම් බදිනව.

මමත් එහෙම
පොතක් කෝපි පාට ගැහුන
උබ ගැන ලියපු පිටු
පෙරලල වැඩිකමට ද
කොහෙද ගැලවුන..
මමත් එහෙම පොතක් දූවිලි
වලට පෙම් බැන්ද

නෑ වැරදුනා පාලුවට ගිය පුස්තකාලයක්
මම ...
උබ ගැන ලියපු පොත් ටික හොරු අරන් ගිය..
පුලුවන් ද උබ ගැන ලියල ඉවර කරන්න පොත් දාහකින්
සමා වෙන්න සසර ගනුදෙනු අකුරු
කරන්න පුලුවන් ශබ්දකෝෂ
තියේවීද පරණ පුස්තකාල වල

-------ජැන්ජේ----

ඉතින් මගේ ආදරණීය පිස්සනි
උබලගේ ආදරය අකුරු කරහල්ලා..
හති වැටුන දවසක උබල උබලටම
කවි ලියාගෙන ඒවයින් සැනසියන්...

අමාවක හඳWhere stories live. Discover now