තුති පිදුම

13 4 0
                                    

මාගේ සෝ සුසුම්කෑ ගැසුම්ඉකිබිඳුම් සියල්ල කිසිවෙකුට දෝංකාර නොකල උස්ව බැදුනු සිමෙන්ති කාමර බිත්ති වලට පලමු තුතිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාගේ සෝ සුසුම්
කෑ ගැසුම්
ඉකිබිඳුම්
සියල්ල කිසිවෙකුට
දෝංකාර නොකල
උස්ව බැදුනු සිමෙන්ති කාමර
බිත්ති වලට පලමු තුතිය

සියල්ලන්ගෙ දුක් කම්කටොලු
දරා ගැනීමෙන් හෙම්බත් ව
ඇතැම් විටක මටත් හොරෙන්
නින්දෙන් පවා වැටුනු කදුලු
උරාගත් කොට්ට මෙට්ට ඇද ඇතිරිලි වලට දෙවන තුතිය

යථාර්ථයෙදී මට මුහුණ දීමට පවා හීනෙන් පෙනුන අපායසිහින අමතක
කරන්නට වෙනම ෆැන්ටසිමය මායාවක
මා ගිල්වූ ආදරණීය පොත් ආත්ම වලට
සදා ණය ගැතියි..

මේ සියල්ලටම වඩා මෙලෙස
තනිකමෙහි මා බේබද්දියක් කල
ප්‍රධානම සැකකරු වූ
ඔබට හෘදයාංගම තුතිය

janje...

හුදෙකලාවත් මහ අමුතුම කලාවක් ලමයිනෙ..
මම කියන්නෑ ඔයාලා ඒක try කරන්න කියලා. මොකද පලමු අත්දැකීම හරියට
විස්කි බොන පලමු අවස්ථාව වගේ අමිහිරි..
ඒත් අවස්ථාවක් ලැබුනොත් ඒකත් විදින්න. අපි දන්නෑනේ අපේ ජීවීත වලට තව මොනව වෙන්න තීනවද කියලා

vote and comment plz guys

අමාවක හඳWhere stories live. Discover now