මේ බොදු ගොවි දරුවට මෑණියණ් විසින් ගුණ යහපත් සුන්දර පුරුසයෙක් විවාහය සදහා සොයයි...බින්න බැසීමට වුවත් අවුලක් නැත. පුදුමයි වගේ නේත...කොල්ලෙක් හොයනව කිව්වාම.....මේකනෙ උනේ.චූටි කාලෙ කේන්දරේ බලපු උන්නැහෙ කිව්වලුනෙ මේ චූටි පුතා කවදහරි බදින්නෙම කොල්ලෙක් කියලා . සක්කරයගෙ සන් වයිමටවත් ඒක නවත්තන්න බෑ කියලා . එදා අපේ අම්මා අඩල තිබ්බා ඇඩිල්ලක් ... ගගක් පිරෙන්න අඩල.කොච්චර අඩලද කිව්වොත් අපේ පියාණන් පැවසුවාලු " ගගක් තරම් ඔබ අඩන්න පීන පීන මට නාන්න සොදුර " කියලා .තොරතුරු සපයපු විශ්වාසවන්ත ආරංචි මාර්ග වල හැටියට අපේ තාත්තා එදා අම්මගෙන් පයින් පාරක් කෑවලු.... එතෝට අපෙ අම්මා අඩල තිබ්බෙ දුකට නෙවෙයි සතුටට මිත්රවරුනි. මක් නිසාද යත් මගෙ අම්මා හෙන bl ෆෑන් කෙනෙක් . මම බඩේ ඉද්දි අම්මා බලල තිබ්බෙම bl කතා වෙද්දි wattpad එක අම්මගෙ ගෙදර වෙලා තිබ්බ.උපතින් ශ්රී ලාංකික උනාට තායිලන්තෙ ඉපදෙන්න ඉදල වැරදිලා මෙහෙට දකදොයියන් උන කෙනෙක් අම්මා කියලා අපේ අත්තම්මා දිනක් පවසනව මේ මට ඇසුනා . අම්මගෙ සුදු පුතාව කොල්ලෙක්ට බන්දන්න අපේ අම්ම නම් උඩින්ම කැමති . ඉතින් එනවද කේන්දරේකුත් අරන් මගුල් පොරොන්දම් ගළපන ගමන් මගේ කතාව අහන්න.
YOU ARE READING
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅
Fanfictionහිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀