හිතුවක්කාරකම් විසි හතරායී 🔥

554 79 104
                                    

" සුදූ... සුදු මැණික ..... මගෙ බබා... රත්තරං... වස්තුවේ .... "

" ම්හුක් "

" මගෙ කොලු පැටියා .... මගෙ රෝස බෝලේ..... මගෙ සුදු පුතා... පණ ..... මගෙ බබ්...."

" වහපන්කො කට මිනිහො. නිදාගන්න දියන්කො. ම්හුක්. දැන් පැය කීයක් තිස්සෙ කන ලග කූන් කූන් ගානවද ඈ ? මොන පාංකිරිත්තමක්ද වෙලා තියෙන්නෙ ?"

" ආහ්.. හරි හරි මගෙ සුදු පුතා දෝයන්න... කෝ කෝ... අඩන්න කට හදන්නෙ එපා සං "

කසාඳ බැන්දට මොකෝ වැරදිලා හරි මම බැදගෙන තිබ්බෙ පොඩි එකෙක් වෙද්දි නිදාගන හිටපු බෝම්බෙව ඇහැරවන්න ගියපු මට බැනුනුත් අහගන්න උනා විතරක් නෙවෙයි නින්ද කඩපු තරහට කට ඇඹුල් කරන් අඩන්න කට හදන් ඉන්නෙ මගෙ මහ කෝලමව නලවන්නත් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කසාඳ බැන්දට මොකෝ වැරදිලා හරි මම බැදගෙන තිබ්බෙ පොඩි එකෙක් වෙද්දි නිදාගන හිටපු බෝම්බෙව ඇහැරවන්න ගියපු මට බැනුනුත් අහගන්න උනා විතරක් නෙවෙයි නින්ද කඩපු තරහට කට ඇඹුල් කරන් අඩන්න කට හදන් ඉන්නෙ මගෙ මහ කෝලමව නලවන්නත් උනා. 

යෝ කවුද දෙයියනේ මාව රවට්ටලා ළදරුවෙක්ට බැන්දුවේඒඒඑ....

අහගන්න විස්තර , ලෙහාගන්න ප්‍රශ්න කෝටියක් තිබ්බත් මගෙ කිරිසප්පයාට කනමතේ ගහලා . ඉතින් මට උනේ කුතුහලේ පිටින්ම බලන් ඉන්න වෙද්දි මගෙ කොව්වා දොයියන් උන්නා. ඌ දොයි පෙරේතයා පොලේ ගහලා වගේ ...
අනේ ඉතින් මාපුතා පුක උඩ දාන් නිදන් ඉද්දි අත පය තියන් නිකම් ඉන්න බැරි මම කොල්ලව කූරු ගගා කරදර කරන්න ගිහින් කන පුරෝලා අහගත්තා උනත් ලැජ්ජා නැති කමට ආයෙම එක එක විකාර කියවන්න ගිය මම අතිසාර්ථක ලෙස පයින් පාරකුත් කෑවා. තව පොඩ්ඩෙන් හොම්බ රිවට්. ඉන්ෂුවරන්ස් එකක්වත් දාගන්න ඕනා. හෙන අල්කයිඩා පැටියෙක්.

"ම්හුක්... මේ.... පුතාට සීතයිනෙ ඒයී 👉👈"

දැන් විනාඩි අරික්කාලකට කලින් කෑ ගහන්න එපා කියලා මාව පන්නපු එකාම සීතලයි කියලා කුරු කුරු ගාන්න පටන් ගත්ත හින්දා ලැබුනු චාන්ස් එක ප්‍රයෝජනේට අරන් මම පට ගාලා මගෙ කොව්වව බදාගත්තා ආයෙ  ඉතින් චුරු පනින්නම.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now