හිතුවක්කාරකම් විසි එකායී 🔥

590 81 51
                                    

"අ..අයියෙ"

" ම්ම්ම්. කියපන් "

"ම්ම්. ම.. මම ආදරේ කරන්න ඕනි ආයුට නේද ? මං වෙනුවෙන් කොච්චර දේවල් කරාද ඒ කොල්ලා අයියේ ?"

" මල්ලි ! මට එක උත්තරයක් දියන්. එකයි හොදේ. තෝ වකුගඩු රෝගියෙක් ද කියපන්කො මුලින්ම ?"

" ඇ.. ඇයි ? එහෙම නෑ "

" නෑ උබ ගොන් වස්සා හිතන්නෙ මොලෙන් නෙවෙයි වකුගඩ්ඩෙන්නෙ. දැන් ඒක සෘණ වෙලා , ක්ෂය වෙලා ,ගෙවිලා ගිහින් ඇති කියලා මම හිතුවෙ. මීමා! මගෙ මල්ලි උනත් මොකද සාධාරණ සැකයක් ඇති වෙනවනෙ , හරි හරි . උබේ කොල්ලා ගොඩාක්ක්ක් උබ වෙනුවෙන් කරානෙ. එතකොට උබ දන්නවද ඔය නෙතුන් ලෙන්ස් එකට ආවෙ උබ හින්දා කියලා . ඌ උබට ක්‍රෂ් කියලා. අනික එච්චර සල්ලි කන්දක් තියන් ඉන්න කොල්ලට තිබ්බා උබව කෝල් එකක් දාලා මීටින් එකක් ඇරේජ් කරන් මීට් වෙන්න. නැත්තන් සෙට් එකක් බස්සලා රෝස් පාන් එක වගේ සුදු වෑන් එකකින් උස්සන්න. එහෙමත් නැත්තන් ඇවිත් උබේ කම්පැණියම සල්ලි දීලා අරන් උබව අල්ලෙ නටවන්න. හැබැයි ඌ තෝරගත්තෙ වෙන පාරක්. ඌ උබ වෙනුවෙන් ගෙදර සුකුමලේට ඉන්න තිබ්බ චාන්ස් දමල ගහල ඇවිත් වැඩ කරා. මහන්සියි උනා. හැබැයි උබ ඒවා දන්නෙ නෑනෙ ? "

" ඔ.. ඔයා දන්නෙ කොහොමද ?"

" මගෙ තුන් වෙනි ඇහැ ඇරල ලෝකෙ දිහා බැලුවනෙ. එතකොට පෙනුනෙ.
ගොන් කතා අහන්නෙ නැතුව ඉදහන්. තමන්ට දෙයක් හොයාගන්න ඕනි නම් පොඩ්ඩක් මහන්සියි වෙන්න විතරයි ඕනි . එතකොට ඉබේම තොරතුරු අතේ කොල්ලො. උබ පරිණත මදි මේ සමාජෙට. ඒකයි අවුල. "

" ම්ම්... "

" ඕන් ආයෙත් ගල් ගිලලා බස්සා. මම ආයෙම අහන්නම්. මල්ලි උබ ආදරේ ආයුටද ? නෙතුන්ටද ?"

" මම ආදරේ කියලා විශ්වාස කරන හැගීම ඇති වෙලා තියෙන්නෙ ආයුට අයියෙ. එතකොට නෙතුන්වත් මට වෙන කෙනෙක්ට දෙන්නත් බෑ , වෙන කෙනෙක්ගෙ වෙනව බලන්නත් බෑ . මට ඌත් ඕනි . මට දැන් පිස්සු වගේ අයියේ !"

" හරි හරි බොක්ක. කෑගහන්න එපා කන ලග පෝන් එක . කන ඇතුලෙ වංගු කෙලින් වෙන්න බලන්න පුළුවන් කොල්ලො. අනික තමා උබට ඔය පිස්සුව වඩා ඉක්මනට හොද කරගන්න වෙනවා සුදා !"

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now