හිතුවක්කාරකම් තිහායී 🔥

608 63 117
                                    

"සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කොල්ලෝ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...//"

යුගාගෙ ගිටාර් එකේ සද්දෙට මාත් බටනලා සද්දෙන් එකතු වෙද්දි , අයියගෙ ඩොල්කිය එකතු උනා කියන්නෙම එතන පිස්සුවක් තමා ඉතින් ...

අපි අද බජ ජවූඌඌඌ
හුක්කි හුක්කි හූඌඌ //

මං දන්නෙ නෑ අද දවසට කීවෙනි පාරටද කියලා මම මගෙ මොට්ට සැමියගෙ හැකියාවන් හින්දා පුදුම වෙලා ඉන්නෙ. ඇයි ඉතින් මේකා රට හරකා වගේ උන්නට බලන් යද්දි සියල්ල දත්නෙ.
ඇස් අඩවන් කරන් කට කොනේ හිනාව එක්ක ගැඹුරු උනත් හරිම ළයාන්විත කටහඬකින් ඇහිපිය නොගහා මගෙන්පිට නොයන දිලිසෙන ඇස්, ගිනිමැළ එලියට පේන යුගා කියන්නෙම මට පිස්සුවක් ; හොඳ කරගන්න ඕනි නැති පිස්සුවක්...
ඒ අස්සෙ සිංදුවේ පදත් වෙනස් කර කර කියන්නෙ මේ ගොබිලා... අයියෝ අයියෝ... ඒ අස්සෙ මගෙ බඩ කැක්කුම් කරන් එනවා අප්පා . කැක්කුමක්ම නෙවෙයි බොක්ක කූල් වෙලා, කකුල් ගල් වෙලා, කට ලොක් වෙලා ,කම්මුල් රත් වෙන අමුතු හිරියක්... කිතියි කිතියි වගේ ... ම්හුක්

"මගේ පාළු ජීවිතේ තනියට තනිකම රැදුණේඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මාහැරදා නොයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මගේ පාළු ජීවිතේ තනියට තනිකම රැදුණේ
ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...//"

නොමිලෙ දෙනව නම් බලු බෙට්ටක් හරි හා ඉතින්...
ම්හුක්... පොඩි හාමුගෙ හිතට අනුකම්පාවක් ලෝඩ් වෙනවලුනේ දැන් ... තනි ජීවිතේලූ, පෞඌඌඌ යුගා...
කවුද දැනන් උන්නෙ මේ අනුකම්පාව තමා දවසක භූමිකම්පාවක් වෙන්නෙ කියලා

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now