හිතුවක්කාරකම් විස්සායී 🔥

571 76 40
                                    

" ඇ ... ඇයි ඔහොම ක්.. කතා කරන්නෙ යුගී ?"

" වෙන මම කොහොමද කතා කරන්න ඕනි යකෝ ? ආ ?
කොහොමද උඹ හිටියෙ ආ. උබ හිටියෙ පාරෙ බස් වල යන, පොඩි පොඩි කඩවලින් කෑම කන, දුප්පත් පවුලකින් ආව අහිංසක කොල්ලෙක් වගේ . ඒත් ඇත්ත උබ! ඇත්ත උබ කියන්නෙ අභිමන්යු කෙනෙක් . සල්ලි ආකරේක ඉන්න උබ මොන බම්බුවකටද මෙහෙම රඟපාන්නෙ ? කියපන් ඉතින් ? බලු වැඩ කරන්න එපා බන්! සහෝදරයෙක් වගේ ඉන්න කියලා හැදුවෙ හැබැයි අන්තිමට උබ කරල තියෙන්නෙ අපි හැමෝටම බොරු කිය කියා අපෙන් ආතල් එකක් ගත්ත එකනෙ. යාලුවෙක්‍ට කියලා ලං උනාට මම උබට සහෝදරයෙක්ට වගේ සැලකුවෙ. මගෙ හැම විස්තරයක්ම මම මෝඩයා වගේ උබට කිව්ව. හැබැයි උබ උබේ සම්පූර්ණ නමවත් මට කවදාවත් කියලා නෑ. මම ඒවා කියහන් කියලා උබට කවදාවත් බල කරෙත් නෑ මල්ලි . හැබැයි එහෙමයි කියලා නමවත් කියන්න බැරිතරමටම උබ මාව  අවිශ්වාස කරේ ඇයි බන් ?
ෂික් . අන්තිමට මම විතරයි උබව මේ ලෝකෙ හැම එකාටම වඩා විශ්වාස කරල හච්චිමක් ගියත් කියල තියෙන්නෙ. අනික උබේ ගෙදර උනුත් ගානට බොරු කිය කියා අන්දපු හැටි. ඇයි උබලට මාව කොන්ඩෙ බැදපු චීනෙක් වගේද පේන්නෙ ඔහොම බොරු කියන්න තරම්. කියන්නෙ බොරු බව තේරුනත් සමහර වෙලාවට ඉවසන් හිටියා කවදාහරි ඇත්ත කියයිනෙ කියලා . ඒ උනාට තෝයි තොගෙ හැතිකරෙයි හංගලා තියෙන්නෙ එසේ මෙසේ රහසක් නෙවෙයි නෙ යකෝ. එකක් පිට එකක් බොරු දාහක් කියලා මාව රැවැට්ටුවා. රැවැට්ටුවා නෙවෙයි පෙනි පෙනී බොරු කරද්දිත් ඇස් පියාගෙනත් මම උඹව විශ්වාස කරා. ආන් එතනයි මට වැරදුනේ බන් බේසිකයො . කැරි වැඩ කරන්න එපා බල්...."

චටාස්

" අයියේහ්හ්හ්.අනේ එපා"

මම මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා මාව රැවැට්ටුවා කියන හැගීමට ආපු කේන්තිය පිටකරගන්න ඕනිකමට කටට එන හැම එකම වැඩිය නොහිතා මම කියලා දැම්මත් ඒ කියන වේගෙටම කන දෙදරලා යන්නෙ කනේ පාරක් මට හම්බවුනේ නෙතුන්ගෙ අයියා කියන එකාගෙන්. කොහෙද ගිහින් හිටපු එයාගෙ අයියා අපි නොහිතපු වෙලාවක අපිව හොයන් ඇවිත් තිබුනා.
කොච්චර බැන්නත් මීක් නොකියපු කොල්ලත් කනේ පාර වැදුන වේගෙටම එපා කියාගෙන අයියගෙ අතේ එල්ලුනත් අයියා ඒකාවත් පැත්තකට තල්ලු කරල දාලා ඇවිත් අල්ල ගත්තෙ මගෙ ෂර්ට් එකේ බෙල්ල මුලින්.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now