හිතුවක්කාරකම් දොළහායී 🔥

613 80 64
                                    

තව විනාඩි පහලොවක් විතර යද්දි ගෙදර ඔක්කොම එකතු වෙලා හිටියෙ කෑම මේසෙට. හැබැයි ඉතින් වෙනද වගේ නෙවෙයි අද සද්ද බද්ද අල්ට්‍රා ෆ්‍රෝ මැක්ස් එකෙන්ම තියෙනව . කට්ටියගෙ කටවල් ටික එකතු උනාම අම්මෝ ඉතින් දෙමලු පඩි ගත්තා වගේ තමා .

කච කච ගගා අවුරුදු ගානක ඉදන් කට්ටියව අදුරනව වගේ හරි හරියට කියවන ටානියා ; වෙනදට වඩා ටිකක් සද්දෙන් හිනා වෙවී පණ්ඩිත පප්පා වගේ කියවන මගෙ ගොබිලා ; අම්මා උයපු කෑමකට ඇද කර කර අනම් මනම් කියව කියව ඉදල ඒකෙන් චූටි කෑල්ලක් කෑවාම රස වැටිලා අම්මගෙ රැවුම් ගෙරවුම් තකන්නෙ නැතුව කැත හිනාවක් දාගෙන කෑම එකට වැඩේ දෙන අප්පච්චි ;

කච කච ගගා අවුරුදු ගානක ඉදන් කට්ටියව අදුරනව වගේ හරි හරියට කියවන ටානියා ; වෙනදට වඩා ටිකක් සද්දෙන් හිනා වෙවී පණ්ඩිත පප්පා වගේ කියවන මගෙ ගොබිලා ; අම්මා උයපු කෑමකට ඇද කර කර අනම් මනම් කියව කියව ඉදල ඒකෙන් චූටි කෑල්ලක් කෑවාම රස වැටිලා අම්මගෙ රැවුම් ගෙරවුම...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( අප්පච්චිගෙ හොර මූණෙ බැල්ම ඔය වගේ මවාගන්න. )

අත්තම්මා අහක බලනකම් ඉදලා අත්තම්මගෙ පිඟානෙ තිබ්බ කජු මද ටිකට වැඩේ දුන්න සීයා ; හොරෙන් හොරෙන් මේසෙ යට ඉන්න පූස් හැත්තට කුකුල් අඩු , බැදපු සාලයෝ මාලු තසිම් ටිකෙන් උස්සන අක්කා ; නැව ගිලුනත් බෑන් චූන් තව ගිලුනොත් තවත් චූන් වගේ ඕනි එකක් කට්ටියට කියවන්න කියල මුරුත්තාව හැදෙනකම් ගිලින මගෙ අතිජාත පජාත මිත්‍රයා රුකා ; අම්මෝ , අද ගෙදර ඉන්න මිනිස්සු ගොඩ !
සීතම්මයි , රමණි අම්මයි දෙන්නා නම් කෑම පාර්සල් ටිකකුත් බැදගෙන ගෙදර ගියා තව රෑ වෙන්න කලින්. නැත්තන් එයාලත් මෙතන ඉන්න තිබ්බා. එහෙනම් තව සද්දෙයි මෙතන . ඒත් අයියත් හිටිය නම් !

මට අද වෙනදට වඩා අයියව මතක් වෙන්න අරන් උදේ ඉදන්ම . උදේට වඩා දැන් මට ඒකව මතක් වෙන්නෙ අම්මගෙ බටු මෝජුව දැක්කාම . අයියගෙ ආසම කෑම තමා අම්මා අතින් හැදෙන බටු මෝජුව . අනේ ඒකා හරි පෙරේතයි අප්පා මේවට .

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now