හිතුවක්කාරකම් හතළිස් හයායී 🔥

408 40 262
                                    

අපේ කට්ටියව නොපෙනෙනකම්ම අත වනපු මම හුස්මක් පාත දාලා සීට් එකට හේත්තු උනේ දුක ,සතුට හැගීම් වලට හිත අස්සෙ පිනුම් ගහන්න දීලා ඇස් පියාගන්න ගමන්....

🦁 " සුදූ..."

🐇 " ම්ම්.."

ඇස් වහගෙනම මං උත්තර දුන්නේ ඒ වෙනකොටත් අම්මටසිරි වෙන මහන්සියකින් මං හිටපු හින්දයි.

බදින එක මෙච්චර අමාරුද අප්පා. ඇග තලලා දාලා වගේ. ඒ අස්සෙ ඔලුවත් රිදෙනවා..

🦁 " එන්න මං ගාවට "

මෙච්චර වෙලා වීදුරුවට ඔලුව ගහන් හිටපු මම ඊලග ක්ෂණයෙදි හිටියෙ යුගීගෙ අත් දෙක අස්සට හිර වෙලා ඒ විසල් පපුවට ඔලුව ගහගෙන. එක අතක් මගෙ ඉණ වටේට පැටලිලා තියෙද්දි අනික් අත මගෙ කොන්ද දිගේ උඩට පහලට ගියෙ කොහේදෝ නැති නිදිමතකුත් ලෝඩ් කරන ගමනුයි. අන්තිමට හෝටලේ ලගට එනකම්ම චූචි හාමු බුජි...
හිකිස්. පොඩි හින්දනේ මේ
සේරම...

සුදු මහත්තයා කාර් එකේ ලගපාත තිබ්බ වතුර බෝතලයක් හොයාගෙන අරන් ඒකෙන් මගෙ මූණ හේදෙව්වේ මම වරත්තු හොරපූසා වගේ නිදිමත බේරී බේරී ඈනුම් යවද්දියි. ම්හුක්.

මොනා උනත් ඈනුම් යවද්දි ඇස් වලට කදුලු පිරෙන එක නම් මහ සාපයක් අප්පා.

මගෙ පොඩි උනු ඇදුම් , ඇවිස්සිච්චි කොන්ඩෙ අතින් හදලා ගසලා බසලා දාලා මයෙ මිනිහා මාව හදලා ගත්තේ මගෙ පෙනුම ටිකාක්ක් විතර අසික්කිතව තිබ්බ හින්දා වෙන්න ඇති. කෝමෙන් කෝමහරි හෝටලේ ලගින් බැස්ස අපිව ඒ ඇත්තො මල් පොකුරු දීලා පිළිඅරන් බැබලි බැබලී රූම් එකේ යතුර දික් කරද්දි එක ඇහැක් විතරක් ඇරගෙන හරි මං කට්ටියටම විරිත්ත තරම් මානුෂීය වෙච්චි එක ගැන මටම පුදුමයි. ඇයි අනේ ,මේ ළමයට හරීයටටට නිජිමතයිනේ.. හුම්..

හම්බවෙන හැමෝටම විරිත්ත විරිත්ත යුගීගෙ අතේ එල්ලිලා මං හීනෙන් වගේ පාවී පාවී ගියෙ අපේ රූම් එක හොයාගෙන...
හිකිස්...
කිරි අප්පට බල්ලො පැන්නයි කියන්න වගේ රූම් නම්බර් එක දැකපු මගෙ කන් දෙකේ ඉදන් දුම් දාන්න ගද්දි තොලත් හපාගෙන මං අහක බලාගත්තේ මේ රූම් එකම තෝරපු එකාට හෙම්ණ මෙව්වා වෙන්න කියලා හිතන ගමන්....

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now