හිතුවක්කාරකම් නවයායී 🔥

641 82 121
                                    

යුගීයි බොසයි ඇවිත් සෝපා එකේ වාඩි උනාට දෙන්නම බලන්නෙ හැමතැනම ඉන්න යුගී දිහා. මම කිව්වෙ මේ කොට්ට , මෙට්ට , පාපිස්සෙ , කෝප්ප වල , බිත්ති වල , රාක්ක etc ... වල ඉන්න ගොබිලා දිහා ...

ඇත්තටම මට දැන් තමා තේරෙන්නේ මේවා දිහා පිටින් බලන් එකෙක්ට පේනව ඇත්තෙ මට සයිකො කියලා . ඇයි දෙයියනේ . හැම තැනම ඉන්නෙ එකම මිනිහනේ.. මේක හරියන වැඩක් නෙවෙයි . නුවර ගිහින් ආපුවාම ඔක්කොම දාන්න ඕනි ගබඩා කාමරේට ගිහින් . දෙන්න ඉන්නෙ නිකම් කාපු ඇටෙකෙහෙල් දිරෝ ගන්න බැරි උනු උගුඩුවෝ වගේ මූඩ් එකකින්නෙ. ම්හුක්. ඔච්චර නහින්න දෙයක් නෙවෙයි ඉතින්.

පුංචි පුතා යන යන තැන ගොබිලගෙ පොටෝ ගහපු එව්වා මෙව්වා විකුණනවලු. ඉතින් පුංචි පුතා ඔක්කොම එකතු කරාලු. හුම්...
මගෙ නම් නෙවෙයි වැරැද්ද. විකුනපු අය තමා . එයාල අව්වෙ විකුණද්දි පෞඌඋ කියලා හිතිලා පුංචි හිත උණුවෙලා පුංචිකමට එකතු කරපු දේවල්නෙ ඉතින් ඔය...


" ඔහ් හී...මල්ලිගෙ යාලුවෝ දෙන්න... අදුරගන්න මේ ඉන්නෙ අපේ මල්ලිග්"

" බෙස්ටි කියන්න සිස්....බෙස්ටි ... මම ඇවිල්ලා එයාගෙ බෙස්ටි බොස්"

" මිස් ටානියා මෙහෙ ?!"

මම හිතන්න ටානියාව ඒ දෙන්නා දැක්කා අක්කා පෙන්නුවාට පස්සෙ. බෙස්ටි... මොන බෙස්ටියක්ද මේ බෙට්ටී... අන්ද්වේ... ගෝඩ්ඩ්ඩ්. වෙයාර් ආ යූර්ර්ර්.... තිස් තුන් කෝටියම මේ වෙලාවෙ නම් මට පිටුපාලා කියලා දැනෙද්දි ගහ දන්න මිනිහට කොල කඩා පාන්න ගියපු අපෙ අක්කා අන්තිමට දැනගත්තා මේ ඉන්නෙ මගෙ බොසා කියලා වගේම එයා අර හුරතල් කරපු කාර්ඩ්බෝඩ් එකේ රියල් බෝඩ් එක මේ මූණ ඉස්සරහ ඉන්නෙ කියලා . යුගීගෙ මූණ කලු වෙලා වගේම ටානියා දැකපු බොස්ගෙ මූණෙත් වැඩි හොදක් පෙනුන් නෑ . වුම්බලා දෙන්නට විතරක් නෙවෙයි මටත් වැඩි හොදක් දැනෙන්නෙ නෑ බන්න්.


අපි ඔක්කොම නිස්සබ්දතාවයක ඉද්දි එකපාරටම රුකා පැනලා කියපි නැතෑ ' 'ඉක්මනට යං , නැත්තන් නුවර යන්න වෙන්නෙ නෑ 'කියලා . ඉතින් කට්ටියම ආත පාත නැතුව පට පට ගාලා තම තමන්ගෙ මලු උස්සන් දිව්වෙ පහලට. යුගීත් බොසාගෙ කාර් එක අස්සෙ තිබ්බ රෙදි මල්ලක් අරන් ආවෙ මගෙ ලගට වෙද්දි වටේටම හිනා වෙවී මගෙ කන ලගට පාත් වෙලා දත් මිටි කාගෙන ' පස්සෙ හැමදෙයක්ම පැහැදිලි කරල දුන්නොත් හොදයි. ඔයාගෙ ටානි බේබි ගැන ස්පෙෂලි ඕනි නෙතූ බබී .රයිට්  ' කියලා මේ මිනිහා කියැව්වෙ මාව කීවෙනි පාරටදෝ මන්දා අන්දමන්ද දූපත් වල අතරමං වෙද්දියි. මෙයාට මොකක් වෙලාත මේ....🙄

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now